Ads 468x60px

.

තැපැල් ඡන්දය විමසීම හෙට

පළාත් පාලන මැතිවරණය දෙවන පියවරෙහි තැපැල් ඡන්ද විමසීම හෙට (12 වැනිදා) සිදුකෙරේ.

තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද දායකයන් 60546 දෙනකු සුදුසුකම් ලබා තිබේ.බස්‌ ඩිපෝ, අධ්‍යාපන කලාප කාර්යාල, ත්‍රිවිධ හමුදා මූලස්‌ථාන, තැපැල් මූලස්‌ථානය ඇතුළු තැපැල් ඡන්ද දායකයන් වැඩි ප්‍රමාණයක්‌ සිටින හා කිසියම් බලපෑමක්‌ ඇතිවේ යෑයි සැක කරන ඡන්ද මධ්‍යස්‌ථානවලට


 මැතිවරණ කාර්යාලයේ ස්‌ථිර නියෝජිතයකු බැගින් පත් කිරීමට මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය මහතා පියවර ගෙන තිබේ.

තැපැල් ඡන්ද මධ්‍යස්‌ථාන ලෙස පවත්වාගෙන රාජ්‍ය ආයතනවල හා අවට මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදුකිරීම තහනම් කර ඇති අතර අදාළ කාලසීමාව තුළ අවට දේශපාලන රැස්‌වීම් පැවැත්වීමද තහනම් බව මැතිවරණ කාර්යාලයේ නිලධාරියෙක්‌ පැවැසීය.

පක්‍ෂ නියෝජිතයන් හා මැතිවරණ නිරීක්‍ෂණ සංවිධානවලට ඡන්ද ප්‍රකාශ කිරීම නිරීක්‍ෂණය කළ හැකිවේ.
 
Related Posts with Thumbnails