Ads 468x60px

.

ඡන්ද කාලේ සිහින පෙන්වූ ආණ්‌ඩුව අද නොදන්වාම ලයිට්‌ කපනවා

කිසිදාක විදුලිය විසන්ධි නොකරන බව පවසමින් මැතිවරණ කාලේ ජනතාවට සිහින පෙන්වූ ආණ්‌ඩුව අද කලින් නොදන්වා ලයිට්‌ කපනවා යෑයි ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා ඊයේ (10 දා) ප්‍රකාශ කළේය. නොරොච්චෝලේ බලාගාරය, කොත්මලේ උමග මැතිවරණ ආසන්නයේ විවෘත

කරමින් ජනතාව වෙනම ලෝකයකට ගෙන ගිය ආණ්‌ඩුව කවදාවත් ලයිට්‌ කපන්නේ නැහැ කියලා පුරසාරම් දෙඩුවා යෑයිද විජිත හේරත් මහතා බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ජ.වි.පෙ මූලස්‌ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කීය.

ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා මෙසේද කීය.

ශ්‍රී ලංකාව ආසියාවේ බලශක්‌ති කේන්ද්‍රය කරනවා කිව්වා. දැන් මොකද වෙලා තියෙන්නේ. ජනතාවට නොදන්වා ලයිට්‌ කපනවා. සාමාන්‍යයෙන් අපේ රටේ ලයිට්‌ කපන්න කලින් ඒ ගැන ජනතාවට දැනුම් දෙනවා. ජනතාවට කියල තියෙන බොරු නිසා ආණ්‌ඩුවට දැන් ලයිට්‌ කපනවා කියලා දැනුම් දෙන්න ලැඡ්ජයි. ඒ නිසා තමයි කලින් නොදන්වන්නේ.

විදුලිබල මණ්‌ඩලය ලාභයි කියලා ඇමැතිවරයා කිව්වත් මහා භාණ්‌ඩාගාරයට ගෙවන්න තියෙන රුපියල් කෝටි 200 ක්‌ තවම ගෙවලා නැහැ. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවන්න තියෙන රුපියල් කෝටි 270 ක්‌ තවම ගෙවලා නෑ. සේවක හිඟ වැටුප් රුපියල් කෝටි 90 ක්‌ තවම ගෙවලා නැහැ. එහෙම තියෙද්දී ඇමැතිවරයා සිල්ලර වෙළෙන්දෙක්‌ වගේ කියනවා මණ්‌ඩලය ලාභයි... ලාභයි කියලා.
 
Related Posts with Thumbnails