Ads 468x60px

.

උපකාර පන්තියට යාමට සිටි සිසුවියට ත්‍රිරෝද රථ රියැදුරුගෙන් අතවර

මීගහතැන්න ප්‍රදේශයේ ප්‍රධාන පාසලකට ත්‍රිරෝද රථයකින් පාසල් ළමයින් රැගෙන යන විවාහක පුද්ගලයකු අවුරුදු දහයක් වයසැති පාසල් දරුවකුට අපචාර සිද්ධියක් සිදු කිරීම සම්බන්ධයෙන් මීගහතැන්න පොලිසිය 11 දා අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු මීගහතැන්න ප්‍රදේශයේ පදිංචි තිස්හතර හැවිරිදි දෙදරු පියෙකි. සැකකරු මතුගම මහේස්ත්‍රාත් දමින්ද රාමනායක වැලිගොඩපිටිය මහතා වෙත ඉදිරිපත් කළ පසු රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළේය.
 
මේ දැරිය උපකාරක පන්තියකට යෑමට නිවෙසේ සූදානම් වෙමින් සිටියදී සැකකරු අතවරයට ලක් කර ඇත.
සැකකරු මෙම දැරිය පාසලට රැගෙන යන්නේද තම ත්‍රිවිල් රථයෙනි. නිතර නිවෙසට පැමිණ මවුපියන් සමග කිට්ටු සම්බන්ධතා පවත්වන අයෙකි. මීගහතැන්න පොලිස් ස්ථානාධිපති හිමාල රාජපක්ෂ, උප පොලිස් පරීක්ෂක ගාමිණී රණවීර මහත්වරු පරීක්ෂණ පවත්වති.
 
Related Posts with Thumbnails