Ads 468x60px

.

පෙම්වතා රළ අතරේ සැඟවෙයි පෙම්වතිය තනිවෙයි

‘අපි නාමින් සිටින විට එකපාරටම ආ උස මුහුදු රලක් අපි තිදෙනාව ඇදගෙන මුහුද පැත්තට වේගයෙන් ඇදී ගියා. මාවත් ප්‍රභාත් සුසන්ත මල්ලිවත් ගොඩ හිටපු අයියා කෙනෙක් පීනාගෙන ඇවිත් ගොඩට ඇදගෙන ගියා. පසුව ඔහු සුජීව අයියා බේරා ගැනීම සඳහා නැවතත් මුහුදට පැන්නා.
නමුත් සුජීව අයියා පේන්න හිටියේ නැහැ’ යැයි ගල්කිස්ස මුහුදු තීරයේ නාමින් විනෝද වෙමින් සිටි 19 හැවිරිදි තරුණයෙකුගේ මරණ පරීක්ෂණයේදී සාක්කි දුන් මිය ගිය තරුණයාගේ පෙම්වතිය සේ සැලකෙන නුගේගොඩ පාගොඩ පාරේ 1 වන පටුමගේ පදිංචි කරුණානායක චතුරිකා උදේනි සිල්වා නැමැති 17 හැවිරිදි තරුණිය කියා සිටියාය.
 
පසුගිය 10 වැනිදා ගල්කිස්ස මුහුදු තීරයේ දිය නෑමට ගොස් මුහුදේ ගසා ගෙන ගිය මහරගම නාවින්න දේවානන්ද පාරේ පදිංචි කාරියවසම් උලුවිටිය ගමගේ සුජීව චන්දන නැමැති තරුණයාගේ හදිසි මරණ පරීක්ෂණය කොළඹ දකුණ (කළුබෝවිල) ශික්ෂණ රෝහලේදී හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු ඩී. එම්. ධර්මසිරි අල්විස් මහතා ඉදිරියේදී පැැත්විණි.
 
එහිදී ගල්කිස්ස පොලිසියේ පොලිස් කොස්තාපල් 14157 රත්නායක මහතාගේ මෙහෙයවීමෙන් සාක්කි දුන් චතුරිකා උදේනි සිල්වා මෙනෙවිය මෙසේද ප්‍රකාශ කළාය.
මා අංක 15 සි 1 වන පටුමග පාගොඩ පාර නුගේගොඩ යන ලිපිනයේ සමග පදිංචි වී සිටිනවා. මෙයට මාසයකට පමණ උඩදී සුජීව චන්දන යන සමග ප්‍රේම සබඳතාවයක් ඇති කර ගත්තා. ඊට පසු ගෙදර අයට දැන්වුවා. අපේ ගෙදර සුජීව අයියා පැමිණ තිබෙනවා. මමත් එහෙ ගිහින් තියෙනවා. අපි දෙන්නා කතා වෙලා 10 වැනිදා ගල්කිස්ස මුහුදු තීරයට යෑම සඳහා සූදානම් වුණා. සුජීව අයියාගේ යාලු මල්ලි කෙනෙක්වන ප්‍රභාත් සුසන්ත යන මල්ලීත් සමග එදින උදේ 6.30 ට නුගේගොඩ උඩහමුල්ලේ සිට ත්‍රිරෝද රථයකින් ගල්කිස්සට ආවා.
 
ගල්කිස්ස මුහුදු වෙරළේදී අපි තිදෙනා එක්ව මුහුදේ නෑවා. විනෝද වුණා. ඒ අතර සුජීව අයියා මීටර 50 ක් පමණ ඇත මුහුදට පිහිනාගෙන ගියා. අපි කෑ ගහලා කිව්වා ඔච්චර දුර යන්න එපා කියලා. නමුත් ඔහුට එය ඇහුණේනැහැ. ඔහු මුහුදේ පින පීනා සිටියා. මේ වෙලාවේ එකපාරටම ආ උස රැල්ලක් අපිවත් ඇදගෙන මුහුදට වේගයෙන් ගසාගෙන ගියා. ගොඩ හිටපු අයියා කෙනෙක් පීනාගෙන ඇවිත් මායයි ප්‍රභාත් සුසන්ත මල්ලිවයි ගොඩට ගෙන ගියා. පසුව ඔහු සුජීව අයියා බේරා ගැනීමට මුහුදට පැන්නත් ඔහුව සොයා ගැනීමට නොහැකි වුණා.
 
මෙහිදී මිය ගිය අයගේ සොහොයුරකු වන කාරියවසම් උලුවිටිය ගමගේ දමිත්ප්‍රසන්න (39) යන අයද සාක්කි දුන්නේය. පශ්චාත් මරණ පරීක්ෂණය කොළඹ දකුණ ශික්ෂණ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරී රුවන් නානායක්කාර මහතා විසින් පවත්වන ලදී. පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව සහ ඉදිරිපත් වූ සාක්කි සැලකිල්ලට ගනිමින් මෙම මරණය මුහුදේ දිය නෑමට ගොස් දියේ ගිලී හුස්ම හිරවීමෙන් සිදුවූ මරණයක් බව හදිසි මරණ පරීක්ෂක විසින් තීරණය කරන ලදි.
.
 
Related Posts with Thumbnails