Ads 468x60px

.

බීමත්ව පොලිස් නිලධාරියකුට පහර දුන්නැයි ලක්ෂ්මන් කිරිඇල්ලගේ පුතාට සිතාසි

පොලිස් නිලධාරියෙකුට අතින් පහර දී සුඵ තුවාල සිදුකිරීම, රජයේ සේවකයකුට සපරාධී බලහත්කාරය පෑම හා බීමත්ව රිය පැදවීම යන චෝදනා යටතේ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රිවරයාගේ පුතුට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ (18) කොල්ලුපිටිය පොලිසිය විසින් චෝදනා ගොණු කළේය.
මෙහිදී විත්තිකරු අදාළ චෝදනාවන්ට නිවැරදිකරු බවට අධිකරණය හමුවේ පැවසීම නිසා නඩුව විභාගයට නියම කළ මහේස්ත්‍රාත්වරිය ලබන මස 10 වන දින සාක්කිකරුවන්ට අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වමින් සිතාසි නිකුත් කළාය.
 
පොලිස් කොස්තාපල් 9099 රුවන් මහතා මෙහි පැමිණිලිකරු වේ.
ඉකුත් 06 වැනි දින යතුරුපැදි සංචාරයේ සිටියදී 18-3000 රතු පැහැති කාරය උඩුකුරුව පෙරලී තිබූ අතර එය බැලීමට ගිය අවස්ථාවේදී ඩබ්ලිව්. පී. කේ. එෆ්. 2169 කාරය මාර්ගය අවහිර වන ලෙස නවතා එයින් බැස ගත් පුද්ගලයෙකු” මම ලක්ෂ්මන් කිරිඇල්ලගේ පුතා යැයි පවසමින් “ එම මාර්ග රාජකාරියේ සිටි කොස්තාපල් නෙරන්ජන් යන අයට පහර දුන් බවට පැමිණිල්ලේ සදහන් ව තිබේ .
 
එහිදී දිනුක් ලොකුබණ්ඩා කිරිඇල්ල නමැති අයට චෝදනා පැහැදිලි කර දී අත්අඩංගුවට ගත් අතර පසුව ඔහු බීමත් ව සිටීදැයි යන්න පරීක්ෂාවට ලක් කරන පරීක්ෂණයට යොමු කළ බවත් එහිදී “මත්පැන් දුගඳ වහනය වේ” යනුවෙන් වෛද්‍ය වාර්තාවේ සඳහන් බවට පොලිසිය අධිකරණයට වාර්තා කොට තිබිණි.
ලංකා දණ්ඩ නීති සංග්‍රාහයේ 314,316, 185 හා මෝටර් රථ වාහන ආඥාා පනතේ 151 (1) (ආ) යටතේ පොලිසිය චෝදනා ගොනු කර තිබිණි.
 
Related Posts with Thumbnails