Ads 468x60px

.

ග්‍රීස්‌ යක්‌ බියකින් මඩකලපුවේ කලබල

මඩකලපු මහ නගර සභා ප්‍රදේශයට අයත් ඌරනියේ නිවසක සිටි 25 හැවිරිදි කාන්තාවක "ග්‍රීස්‌ මෑන්" ප්‍රහාරයකට ලක්‌වීමෙන් බරපතල තුවාල ලබා මඩකලපු ශික්‌ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

සිද්ධියෙන් අනතුරුව පොලිසිය හා මහජනතාව අතර විශාල ගැටුම් ඇතිවිය. මාර්ගවල ටයර් දමා ගිනි තැබූ අතර පොලිසිය වෙත ගල් ගැසූ නිසා මහා කලබලයක්‌ ඇතිවිය. පොලිසිය කඳුළු ගෑස්‌ ගසා පිරිස විසුරුවා හරින ලද අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු මාධ්‍යවේදීන්ද තුවාල ලැබූහ.

සිද්ධිය වූ ස්‌ථානයට පැමිණි හමුදාව ආරක්‌ෂක කටයුතුවල යෙදුණි. කෝලාහල හේතුවෙන් මඩකලපු - කල්මුණේ මාර්ගයේ ගමනාගමනය අඩාල විය.
 
Related Posts with Thumbnails