Ads 468x60px

.

ගීතාගෙ ගමන් මල්ලේ විස්කි බෝතල්

ඩාන්ස් ස්ටාර්ස් ඩාන්ස් තරගාවලියේ විනිසුරුවරියක්ව සිටි ප‍්‍රවීණ සිනමා නිළි එක්සත් ජනතා නිදහස් සන්ධාන බෙන්තර ඇල්පිටිය සංවිධායිකා ගීතා කුමාරසිංහ එහි විනිසුරු කටයුතුවල නියැලීමේදී මත් පැන් හා දුම්වැටි පානය කිරීම සුපුරුදු කි‍්‍රයාවක් බවට පත්ව තිබූ බව වාර්තා වේ.
ගුවන් සමාගම් විසින් මගියන්ට ලබාදෙන ඉතා කුඩා ප‍්‍රමාණයේ විස්කි බෝතල් තුනක් ඇය විනිශ්චය ලබාදීමට පැමිණෙන සෑම දිනයකදීම ඇගේ ගමන් මල්ලේ තිබූ බව තරාගාවලියේ සංවිධායකයෙක්  පැවසීය.

ඇය තරග කරුවෙක් හෝ කාරියක් සම්බන්ධයෙන් ලබාදෙන සෑම තීන්දුවකටම පසුව වැසිකිළියට යන බවත්, ඇය යළිත් විනිසුරු පුටුවේ හිඳගන්නේ දුම්වැටියක් අවසන් කිරීමෙන් පසුව බව ද එම සංවිධායකයා කීය.

කෙසේවුවද ගීතා මේ තරගය අතර වාරයේදී වරක් ඇයට බෝවෙන රෝගයක් වැළඳී තිබියදී ද විශාල අවු කණ්ඩි දෙකක් පැළඳගෙන විත් විනිශ්චයන් ලබාදුන් බවත් ඔහු සඳහන් කළේය.

බෝවෙන රෝගයක් වැළැඳී තිබියදී ද ඇය විනිශ්වය කිරීමට පැමිණ ඇත්තේ ඇය සහභාගි නොවන්නේ නම් රෝසි සේනානායක විනිශ්චය සඳහා යොදා ගන්නා බවට සංවිධායකයින් විසින් තර්ජනය කිරීමෙන් පසුව බව ද එම සංවිධායකයා  කීය.

මේ තරාවලියේ සංවිධායකයින් රෝසි ගෙන්වන බවට තර්ජනය කරමින් ගීතාගෙන් වැඩගත් බවත් මේ අතර වාර්තා වේ
 
Related Posts with Thumbnails