Ads 468x60px

.

බාල දැරියන් සහ පිරිමි දරුවන් අතවරයට ලක්‌වීමේ අවදානමක්‌

බාල වයස්‌කාර දැරියන් මෙන්ම පිරිමි දරුවන් ද ලිංගික අතවරයන්ට ලක්‌වීමේ ප්‍රවනතාවයන් දක්‌නට ඇතැයි පොලිස්‌ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරිනියක්‌ පැවැසීය.
මවුපියන් හා භාරකරුවන් සිය දරුවන් ගැන නොසැලකිලිමත් වීමත් මවුවරුන් සිය දරුවන් ඥතීන්ට භාරදී විදේශගත වීමත් නිසාවෙන් දරුවන් වැඩිහිටියන්ගේ, සමවයසේ පසුවන අයගේ ලිංගික අතවරයන්ට මුහුණ පාන බව පොලිසිය පවසයි.

පාසල් යන අවුරුදු 16 ට අඩු බොහෝ දැරියන් විසින් තරුණයන් සමඟ පෙම් සබඳතා පැවැත්වීම නිසා ලිංගික අතවරයන්ට පත්වන අතර ඔවුන් නීත්‍යානුකූල නොවන අයුරින් අඹු සැමි සබඳතා පවත්වන බව ද පොලිසිය පවසයි.

අවුරුදු 15 ට අඩු දරුවන් මවුවරුන් බවට පත්වන අවස්‌ථා එමට වන අතර ඔවුන් පිළිබඳව රෝහල් වෛද්‍යවරු ළමා හා කාන්තා පොලිස්‌ කාර්යාංශයට වාර්තා කර ඇතැයිද එම ආරංචිමාර්ග සඳහන් කරයි.
 
Related Posts with Thumbnails