Ads 468x60px

.

මෙහෙම කරලා මදි රෝසි ඔයා මට...! රනිල්...

කොළඹ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍රනී එජාප කැරලි කණ්ඩායමේ සාමාජිකා රෝසි සේනානායක මහත්මිය ජගත් විවාහක රූ රැජින දක්වා තමන් විසින් කැඳවා ගෙන ආ ආකාරය පසුගිය 17 වනදා පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට කලින් විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා තම ගජමිතුරන් කිහිපදෙනෙකු හා පැවසූ ආකාරය වාර්තාවේ.

රෝසි සේනානායක මන්තී‍්‍රවරිය තමන් විසින් හඳුනා ගන්නා විට ඇය ලන්ඩන් නුවර ශී‍්‍ර ලංකා තේ අලෙවි මණ්ඩලයේ අලෙවිකාරනියක් ලෙස සේවය කළ බවත්, ඇයට එම රැකියාවෙන් ඉවත් වී රූපලාවන්‍ය හා විලාසිතා ක්‍ෂෙත‍්‍රයට පැමිණීමට අවශ්‍ය යැයි තමන් හමුවේ බැගෑපත්ව ඉල්ලීමක් කළ විට තමා තම සොයුරා වන ශාන් වික‍්‍රමසිංහ ලවා ශී‍්‍ර ලංකා විවාහක රූ රැජින තරගයක් සංවිධානය කළ ආකාරය විපක්‍ෂ නායකවරයා සිහිපත් කොට තිබේ.

මෙම ශී‍්‍ර ලංකා විවාහක රූ රැජින තරගයේදී විනිශ්චකාරවරු වශයෙන් කටයුතු කර ඇත්තේ රනිල් වික‍්‍රමසිංහ මහතාත්, ශාන් වික‍්‍රමසිංහ මහතාත්, ඉන්දියාවේ රූපලාවන්‍ය නිෂ්පාදන ආයතනයක කළමණාකාර අධ්‍යක්‍ෂකවරියත්ය.

මෙම ශී‍්‍ර ලංකා විවාහක රූ රැජින තරගයේදී අවසන් වටයේ රූ රැජින කිරුළ සඳහා තරග පැවතී ඇත්තේ රෝසි සේනානායක මහත්මියත්, ඇන්ජලා සෙනෙවිරත්න මහත්මියත් අතරය. මෙහිදී රනිල් වික‍්‍රමසිංහත්, ශාන් වික‍්‍රමසිංහත් රෝසි සේනානායක මහත්මියට සියයට 90 බැගින් ලකුණු ලබාදී ඉන්දීය විනිශ්චයකාරවරියටද එම ප‍්‍රමාණයටම රෝසි සේනානායක මහත්මියට ලකුණු ලබාදෙන ලෙස බලපෑම් කොට තිබේ. එම බලපෑම් මත විනිශ්චය මණ්ඩලයේ ඒකමතික තිරණය අනුව රෝසි සේනානායක මහත්මියට ශී‍්‍ර ලංකා විවාහක රූ රැජින කිරුළ හිමි වී තිබේ. පසුව ඇය ලෝක විවාහක රූ රැුජින ලෙස කිරුළ පැළදූ ආකාරය වෙනමම කිවයුතු කතාවක් බව රනිල් වික‍්‍රමසිංහ මහතා තම ගජයින්ට පවසා තිබේ.

මෙසේ රෝසි සේනානායක මහත්මිය රූපලාවන්‍ය ක්‍ෂෙත‍්‍රයේ සහ විලාසිතා ක්‍ෂෙත‍්‍රයේ කටයුතු කරමින් සිටියදී ඇයව දේශපාලනය සඳහා කැඳවාගෙන ආවේ රනිල් වික‍්‍රමසිංහ මහතා විසිනි. ඒ සඳහා ඇයට අවශ්‍ය සියලූම පහසුකම් සපයා දී ඇත්තේ ඔහු විසින් වන අතර, රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව පැවැති කාලයේ රාජ්‍යතාන්ති‍්‍රක කටයුතු පිළිබඳ මෙලෝ හසරක් නොදත් රෝසි සේනානායක මහත්මිය මැලේසියාවේ තානාපතිවරිය ලෙස පත් කරන ලද්දේද රනිල් වික‍්‍රමසිංහ මහතා විසිනි.

මෙසේ අතීතය පුරා තමන්ගේ අන්තේවාසිකයෙකු ලෙස කටයුතු කළ රෝසි සේනානායක මහත්මිය අද එම සියලූ කරුණු අමතක කරමින් හැසිරෙන ආකාරය පිළිබඳව තමන්ට තිබෙන්නේ විශාල කලකිරීමක් බව විපක්‍ෂ නායකවරයා සඳහන් කොට තිබේ.
 
Related Posts with Thumbnails