Ads 468x60px

.

චේන් හල්ට්ග්‍රේන් කඩු ගිලීමේ සිටියදී පොලිස් අත්අඩංගුවට

කඩු ගිලීම හරහා ලෝක වාර්තාවක් ද පිහිටුවීමට සමත්ව සිටින "ස්පේස් කව්බෝයි" නම් අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන පුද්ගලයෙකු නිව්යෝර්ක් නගරයේදී සංදර්ශනයක් පවත්වන අතරතුර අත්අඩංගුවට ගෙන තිබේ.

එසේ ප්‍රසිද්ධ ස්ථානවල තියුණු ආයුධ සමග රැඳී සිටීම තහනම් බව සඳහන් කරමින් ඔහු වටා රැස්ව සිටි ප්‍රේක්ෂක ජනතාව ද ඉවත්කර එම පොලිස් නිලධාරීන් විසින් 33 හැවිරිදි චේන්ව අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය. ඔහු සතුව කඩු පොලිස් භාරයට ගෙන ඇති අතර පැය 24 ක කාලයක් සිරගතව සිටීමට ද ඔහුට සිදුව ඇත.  
මුදල් ඉපයීමේ අරමුණින් තමන් නිව්යෝර්ක් නගරයේ වීදියක කඩු ගිලීමේ දර්ශනයක් පවත්වමින් සිටියදී මෙසේ පොලිස් අත්අඩංගුවට පත්වූ බව චේන්  හල්ට්ග්‍රේන් නම් මෙම ඕස්ට්‍රේලියානු ජාතික තරුණයා සඳහන් කර තිබේ. 
 
Related Posts with Thumbnails