Ads 468x60px

.

පාතාලය වැනසූ STF ලොක්කා මැරෙව්වේ කුඩු දුමින්ද දැයි සැකයක් ?

කොළඹ පාතාලය හා කුඩු ජාවාරම්කරුවන් වැනසීමේ මෙහෙයුම භාරව සිටි පොලිස් විශේෂ කාර්ය බලකායේ සහකාර පොලිස් අධිකාරී සිසිර කුමාර මුත්තෙට්ටුවගම ඝාතනයට දුමින්ද සිල්වා නොහොත් කුඩු දුමින්ද මන්ත‍්‍රීවරයා සම්බන්ධ වී ඇත්දැයි සැකයක් මතු වී තිබෙන බව පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අප වෙත පැවසීය.

අම්පාර, මහ ඔය 18 කඳවුරේ අණ දෙන නිලධාරී ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ජයතිලක මහතා විසින් අම්පාර විශේෂ කාර්ය බලකායේ ප‍්‍රාදේශීය අණ දෙන නිලධාරී සහකාර පොලිස් අධිකාරී සිසිර කුමාර මුත්තෙට්ටුවගම මහතා ඝාතනය කොට සියදිවි හානි කර ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියි.

එහෙත් මුත්තෙට්ටුගම මහතා වෙත වෙඩි තැබූ ජයතිලක මහතාට වෙනත් අයෙකු විසින් වෙඩි තැබූ බවට වූ සැකය මත මොහුගේ මෘත ශරීරය මරණ පරීක්‍ෂක වෛi නිලධාරීන් විසින් දීර්ඝ වශයෙන් පරීක්‍ෂා කර බලනු ලැබ තිබේ. වෛiවරුන්ගේ මතය වී ඇත්තේ මෙය සියදිවි හානිකර ගැනීමක් බවයි.

සහකාර පොලිස් අධිකාරී මුත්තෙට්ටුගම මහතා කොළඹ කුඩු ව්‍යාපාරිකයන් හා පාතාල නායකයින් දිගින් දිගටම ලූහුබඳිමින් ඝාතනය කරද්දී කුඩු දුමින්ද මන්ත‍්‍රීවරයාගේ කුඩු ජාවාරම්කරුවන් කිහිප දෙනෙකු ද ඝාතනයට ලක් වී ඇත. එම තත්ත්වය යටතේ මොහු වහාම කොළඹින් බැහැරට මාරු කර යවන ලෙස කුඩු දුමින්ද මන්ත‍්‍රීවරයා හිටපු පොලිස්පතිවරයාගෙන් කළ ඉල්ලීම් හමුවේ මුත්තෙට්ටුවගම මහතා වහාම ක‍්‍රියාත්මක වන පරිදි අම්පාරට මාරු කර යවා ඇත.

කෙසේ වුවද මැතිවරණ කටයුතු සඳහා වහාම කොළඹට වාර්තා කරන ලෙස ආරක්ෂක ලේකම්වරයා සහකාර පොලිස් අධිකාරී මුත්තෙට්ටුවගම මහතාට නියෝග කර තිබියදී මෙම ඝාතනය සිදුවීමද අතිශයින් සැකකටයුතු බව අප තොරතුරු ලබා දුන් පොලිස් නිලධාරීයා වැඩිදුරටත් පැවසීය.
 
Related Posts with Thumbnails