Ads 468x60px

.

මධුරිගේ කෑම බිල රු.18,000 ක්ලු - නිෂ්පාදකට තරු පෙනිලා

බොලිවුඩ් තිරයේ සුරූපී රැජන, මධුරි ඩික්සිත් ඇමෙරිකාවේ පදිංචිය වෙනස් කර නැවතත් ඉන්දියාවට පැමිණ සිටිනවා. තනිවම නොවෙයි. ඇයගේ සැමියා, වෛද්‍ය ශ්‍රී රාම් නෙනේ සහ පුතුන් දෙදෙනාත් එක්කයි. මධුරිගේ ආගමනයත් සමඟම බොලිවුඩ් සිනමාකරුවන් දැඩි ලෙස සතුටට පත්වුණා. මධුරී තවමත් බොලිවුඩ් සිනමාවේ දිදුලන තරුවක්. ඒ නිසාදෝ දැන් ඇයගේ රඟපෑම් ගාස්තු වැඩිවෙලා.
ඒ විතරක්ද? වෙනත් කටයුතුවල ගණන් හිලව් ද ඉහළ ගිහින්.


මෑතකදී ඇය එක්තරා වෙළෙඳ දැන්වීමක රඟපාන්න ආවේ සැමියා සහ දරු දෙදෙනාත් එක්කයි. රූපගත කිරීම් නිමවන තුරු ඒ තුන්දෙනාත් දර්ශන තලයේ පැය ගණනක් රැඳී සිටි නිසා නිෂ්පාදකවරයාට සිදුවුණේ මධුරිටත් ඔවුන් තුන්දෙනාටත් කෑම බීම සපයන්නයි. මධුරි ඇණවුම් කළේත් ඉස්තරම්ම කෑම වර්ගලු. අන්තිමේදී රූපගතකිරීම් නිමකර කෑම බිල ගෙවන්න යද්දී නිෂ්පාදකවරයාට තරු පෙනිලා.මධුරි ඇතුළු පවුලේ කෑම බිල රු.18,000ක්ලු!
 
Related Posts with Thumbnails