Ads 468x60px

.

ඕනෑම පුද්ගලයෙකුට ජනාධිපති සමාවක් පිරිනැමිය හැකියි - වැලිඅමුණ

ජනාධිපතිවරයාට අවශ්‍ය නම් ඒ සඳහා කිසිවකුගේ විශේෂ ඉල්ලීමක් අවශ්‍ය නොවන බවත්, සිරගතව සිටින  ඕනෑම පුද්ගලයෙකුට ජනාධිපති සමාවක් පිරිනැමිය හැකි බවත් එය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන්ව ඇති බවත්, නීතිඥ ජේ.සී වැලිඅමුණ මහතා පවසයි.
වැලිඅමුණ මහතා එම කාරණය අවධාරණය කොට ඇත්තේ, සරත් ෆොන්සේකා මහතාට ජනාධිපති සමාවක් ලබා දීම ගැන සලකා බැලිය හැකි බවට ජනාධිපතිවරයා පසුගිය දා කර තිබූ ප‍්‍රකාශය පිළිබඳව රාවය පුවත්පත කළ විමසීමකදීය.

ලංකාවේ ජනාධිපතිවරුන් විසින් වඩාත්ම අයුතු ලෙස යෙදවූ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිපාදනය ජනාධිපති සමාව යැයි කියා සිටින වැලිඅමුණ මහතා, ගෝනවල සුනිල්ගේ සිට මෑත කාලයේ මහනුවර හිටපු නගරාධිපතිවරයා දක්වා අයට ජනාධිපතිවරුන් විසින් සමාව ප‍්‍රදානය කරන ලද බවට කියා සිටියි.
වත්මන් ජනාධිපතිවරයාට අවශ්‍ය නම් සරත් ෆොන්සේකා මහතාට ජනාධිපති සමාව ලබා දිය හැකි බවත්, අවශ්‍ය නැත්නම් එසේ සමාව නොදිය සිටිය හැකි බවත් වැලිඅමුණ මහතා වැඩිදුරටත් කියා සිටී.

 
Related Posts with Thumbnails