Ads 468x60px

.

පෙම්වතාට දේව බන්ධනය කළ දෙයියෝ පෙනෙන්නට බැරිලු

ශාස්ත‍්‍රකාරියකගෙන් පේන බලන්නටතරුණයකු රවටාගෙන දේව නියමය අනුව යැයි කියා මුලා කොට ඔහු විවාහ කර ගැනීමේ සිද්ධියක් මාතර ප‍්‍රදේශයෙන් වාර්තා වේ. මෙම සිද්ධියට මුහුණ පා ඇත්තේ 32 හැවිරිදි හේන් ගොවියෙකි.හේන්ගොවියාට ඔහු ආදරය කළ පෙම්වතිය කිසියම් හේතුවක් නිසා අහිමි වී ඇත.

ඔහු මේ සම්බන්ධයෙන් සහනයක් පතා දේවාරූඪයෙන් ශාස්ත‍්‍ර කියන කාන්තාවක් සොයා ගොස් සිය පෙම්වතිය අහිමිවීමට කර්ම දෝෂයක් අත්දැයි කරුණු විමසා තිබේ.දෙවියන් ඉදිරියේ ආරූඪ වූ ශාස්ත‍්‍රකාරිය තරුණයාගේ සියලූ තොරතුරු පවසා පසුව මෙසේද පවසා තිබේ. '‘මේ ප‍්‍රාණකාරයාගේ සිත් ගන්නට තවත් ප‍්‍රාණකාරියක් ඉනා බන්දනයක් කවලා. ඒ බන්දනය ශරීරයට විස වෙලා. මේ විෂ ශරීරයෙන් ඉවත් නොකළහොත් ලැබෙන ප‍්‍රතිඵල භයානකයි. දෙවියන් නියම කරනවා මොහු මාසයක් පමණ නොකඩවා ප‍්‍රතිකාර ලබාගත යුතුයි කියා.’’

ශාස්ත‍්‍රය හරියට කියැවීම සම්බන්ධයෙන් සතුටට පත් අදාල තැනැත්තා ශාස්ත‍්‍රකාරියගේ දේවාලයේ නැවතී ඇයගෙන් දිගටම ප‍්‍රතිකාර ලබාගෙන තිබේ.පසුව ඇගේ දේවකාරියන්ටද උදවු උපකාර කළ මේ ගොවි තරුණයා ඇය හා කුළුපග වීමෙන් පසුව ශාස්ත‍්‍රකාරිය විසින් දේවාලයේ ඇතුළු රහස් දොරටුවලද යතුරු ඔහු අත තබා ඇත.ශාස්ත‍්‍ර ඇසීමට කිසිවකු නොපැමිණි දිනක හදිස්සියේ දේවාරූඩ වූ ශාස්ත‍්‍රකාරිය තරුණයා දේවාලයේ ඇතුළු කාමරයට කැඳවා මෙසේ පවසා තිබේ.

‘‘මේ ප‍්‍රාණකාරයාට තිබෙන අපල උපද්‍රව නැති කර ගන්නට නම් දේවදාසියක් හා සරණ බන්ධනය විය යුතුයි යයි දෙවියන්වහන්සේ ප‍්‍රකාශ කර සිටිනවා. ඒ සඳහා සුදුසුම තැනැත්තිය දැනට ඔහු ළඟ සිටින බව උන්වහන්සේ පෙන්වා දෙනවා.’’පසුව දෙවියන්ගේ කැමැත්තට ඉඩදී මේ තරුණයා ශාස්ත‍්‍රකාරිය හා විවාහවී ඇත.ඔහු ඉන් නොනැවතී ශාස්ත‍්‍රකාරිය ගැන තොරතුරු සොයා බැලීමටකටයුතු කර තිබේ.පසුව ඔහුට ඇය මීට පෙරද තවත් තරුණයකු හා විවාහ වී ඇති බවට තොරතුරු තොරු සොයා ගැනීමට හැකි වුවද මෙය දේව සාපයක් යැයි සිතා හිත හදා ගත් බවද පැවසේ.

කෙසේවුවද මේ දේව බන්ධනය කළ දෙයියෝ නම් දැන් ඔහුට පෙනෙන්නට බැරි බවද මේ අතර වාර්තා වේ.

 
Related Posts with Thumbnails