Ads 468x60px

.

නදීශා හේමමාලි තෙලිඟු විත‍්‍රපටයක ( Photo )

සිනමා හා ටෙලි නාට්‍ය නිළියක් ලෙස ජනපි‍්‍රයත්වයට පත් නදීශා හේමමාලි පසුගිය කාලයේදී තෙලිඟු භාෂාව පිළිබඳ හැදෑරූ බව පවසන්නීය.සති අන්ත පුවත් පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ඇය මේ බව පවසා තිබිනි.නදීෂාට තෙලිඟු භාෂාව පිළිබඳ හැදෑරීමට අවස්ථාව උදාවී ඇත්තේ ඇයට තෙලිඟු විත‍්‍රපටයක රඟපෑමේ වරම් ලැබීම නිසාය.ඇය මෙලෙස සිය රංගන දායකත්වය සපයා ඇත්තේ ආර්.වී. උයද කුමාර් නැමැති ජනපි‍්‍රය හින්දි අධ්‍යක්‍ෂවරයෙකුගේ චිත‍්‍රපටයක් සඳහාය.
ඉදිරි කාලයේදී එම චිත‍්‍රපටය ඉන්දියාවේ ආන්ද්‍රා ප‍්‍රදේශයේ සිනමාහල්වල තිරතවීමට නියමිතය.එසේම ඇය ටෙලි නාට්‍ය නිෂ්පාදනය සඳහාද අත ගසා ඇතැයි පැවසේ.නදීෂා විසින් නිෂ්පාදනය කරනු ලබන සිය කුළුදුල් ටෙලි නාට්‍යයේ ඇය විසින් ගැටඹි හා මලිති යන ද්විත්ව චරිත නිරූපනයක් සිදු කිරීම ද විශේෂිතය.

මෙම ටෙලි නාට්‍ය ඇත්කඳලිහිණි යනු වෙන් නම් කර තිබේ.නදීශාට රීල් ඇන්ඞ් ට‍්‍රැක් නමින් නිෂ්පාදන හා අලෙවිකරණ ආයතනයක් ද ඇත.එම ආයතනය තුළ පසුගිය කාලයේදී ටේ‍්‍රන් ටු කැන්ඩි නමින් ජාත්‍යන්තර වෙළෙඳපොළට චිත‍්‍රපටයක් නිෂ්පාදනය වූ බවත්, දුන්හිඳ අද්දර ටෙලිනාට්‍ය පිටපත ඞී.වී.ඞී. තැටියක් කළ බවත්, ඇය පවසන්නීය.

 
Related Posts with Thumbnails