Ads 468x60px

.

අධිවේගියේ කාර්මික දෝෂ, බොයිල් කිරීම් දිනපතා ඉහළට

කාර්මික දෝෂ, බොයිල් කිරීම් වැනි ප්‍රශ්න දිනපතා ඉහළට දකුණු අධිවේගී මාර්ගයේ ගමන් කරන පරණ වාහන බොයිල් කිරීම ඇතුළු විවිධ කාර්මික දෝෂයන්ට වැඩිපුර ලක්වීම නිසා ආපදා සේවාවන්ට විශාල වැඩ කොටසක් කිරීමට සිදුවී ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ නිළධාරියෙකු කියයි.මාර්ග සංවර්ධන අධිකාරියේ බී.ඩී.කේ. බණ්ඩාර මහතා ඒ පිළිබඳව අදහස් දැක්වූයේ මෙසේයි.


“පරණ වාහන මේ මාර්ගයට ඇතුළු කිරීම මේ වනවිට ගැටලුවක් වෙලා තිබෙනවා. මෙවැනි වාහන වලින් බොහෝ ප්‍රමාණයක් දිනපතා මාර්ගයේදී කාර්මික දෝෂයන්ට ලක් වෙනවා. ඒ වගේම සමහර වාහන බොයිල් කරනවා. අපි ඉල්ලා සිටිනවා. එවැනි වාහන මෙම මාර්ගයේ එනවිට වතුර කෑන් එකකුත් අරගෙන එන්න කියල. මොකද, මාර්ගයේ කිසිම තැනකින් වතුර ලබාගන්න අවස්ථාවක් නැති නිසා. මෙවැනි ආපදාවන්ට ලක්වන වාහන දිනපතා වැඩිවීම නිසා මාර්ගයේ ආපදා සේවාවල වැඩ වැඩිවී තිබෙනවා.“යනුවෙන් හෙතෙම කීය.

මේ නිසා, තම වාහනය මාර්ගයට ඇතුළු කිරීමට පෙර වාහනයේ රෝදවල හුළං තත්ත්වය හා අළුත්බව, තිරිංග ක්‍රියා කිරීම, ආලෝක සංඥා හා නලාව ක්‍රියා කිරීම, වතුර හා තෙල් නිසි ලෙස යොදා තිබීම ඇතුළු වාහනයේ තත්ත්වයන් පිළිබඳව වැඩි සැලකිල්ලක් දක්වන ලෙස හෙතෙම රියදුරන්ගෙන් ඉල්ලා සිටියේය.“රාත්‍රී කාලයේ ගමන් කරනවා නම් විදුලි පන්දමක්ද වාහනයේ තිබීම වැදගත්. යම් කිසි ප්‍රශ්නයක් වාහනයට සිදුවුණොත් එය ප්‍රයෝජනවත් වෙනවා.“යනුවෙන්ද බණ්ඩාර මහතා සඳහන් කළේය.දකුණු අධිවේගී මාර්ගයේ වාහනයකට යම් ආපදාවක් සිදුවුවහොත් 1969 දුරකතන අංකයට කතාකර ආපදා සේවා ගෙන්වා ගැනීමට හැකිය.

පිවිසුම්වල බස් නතර කිරීමට නම් ඉල්ලීම් කළ යුතුයි  ලු  

දකුණු අධිවේගී මාර්ගයේ මුලින්ම ආරම්භ කරන්නේ කොට්ටාවේ සිට පින්නදූවට නොනවතින මගී බස් සේවයක් බවත් පිවිසුම්වල නතර කරන බස් සේවයක් ආරම්භ කරන්නේ මගීන්ගෙන් ඉල්ලීම් ඉදිරිපත් වුවොත් පමණක් බවත් මාර්ග සංවර්ධන අධිකාරියේ නිළධාරියෙකු කියයි.මාර්ග සංවර්ධන අධිකාරියේ බී.ඩී.කේ. බණ්ඩාර මහතා “විමසුම“ ට පැවසුවේ නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කිරීමට යන අදාළ බස් සේවාව ලබන ජනවාරි මුල් කාලයේදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බවයි.

“මේ බස් සේවය දිනකට ගමන් වාර දෙකක් ගාල්ලේ සිට කොට්ටාවට ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ. මෙම බස්රථ පිවිසුම්වල නතර කිරීමට අවශ්‍ය නම් මගීන් විසින් ඉල්ලීම් කළ යුතුයි. එම ඉල්ලීම් සලකා බලා පසුකාලීනව මේවා පිවිසුම් ස්ථාන වලත් නතර කිරීම ගැන සලකා බලනවා.“යනුවෙන් හෙතෙම කීය.කොට්ටාව, කහතුඩුව, ගැලනිගම, වැලිපැන්න, දොඩංගොඩ. කුරුඳුගහහැතැක්ම. නයාපාමුල හා පින්නදූව යන ස්ථානවල පිවිසුම් පිහිටා ඇත.
 
Related Posts with Thumbnails