Ads 468x60px

.

වාහන තදබදයට විසදුමක් - මෝටර් සපත්තු

වාහන තදබදය ලොවපුරා බොහෝ අයට ඇති බරපතල ගැටළුවකි.ඊට විසඳුමක් කැලිෆෝනියාවේ වෙසෙන නිර්මාණකරුවෙකු වන පීටර් ටෙ‍්‍රඩ්මන් වෙනස් ආකාරයේ විසඳුමක් ඉදිරිපත් කර ඇත.ඒ, මෝටර් වලින් කි‍්‍රයාත්මක වන ස්වයංක‍්‍රීය පාවහන් යුවලක්.spnKiX ලෙස නම් කර ඇති මෙම පාවහන් වලට යොදා ඇති මෝටර්, බැටරි බලයෙන් කි‍්‍රයාකරන අතර, මෙය පැයට සැතපුම් 10ක වේගයකින් ගමන් කළහැකි බව වාර්තා වේ.

බැටරි බලය පැය දෙක තුනකට සෑහෙන අතර, පාවහන් නැවත භාවිතා කිරීමට පැය දෙකක් තුනක් එහි බැටරි ආරෝපනය කළ යුතු වේ.නයිලෝන් හා ඇලූමිනියම් වලින් සැදුම්ලත් මෙම විශේෂ පාවහන්, අවශ්‍ය විටදී සාමාන්‍ය පාවහන් වලට උඩින් සවිකළ යුතු වේ.වයර්ලස් දුරස්ථ පාලකයකින් මෙහි වේගය පාලනය කළ හැකි මෙම පාවහන් වල මිල පවුම් 415ක් බව විදෙස් වාර්තා වල සඳහන් වේ.

වසර 5කට කලින් සිට මෝටර් රථය නැවැත්වීමට ස්ථානයක් සොයන අතරතුරේදී මෙවැනි නිර්මාණයක් සඳහා අදහස ලැබුනු බව පීටර් ටෙ‍්‍රඞ්මන් මාධ්‍යයට පවසා තිබේ.මෙම පාවහන් ලබන පෙබරවාරි මාසයේදී නිල වශයෙන් එළිදැක්වීමට නියමිතය.


 
Related Posts with Thumbnails