Ads 468x60px

.

ලිංගික අතවර කල තංගල්ල ප්‍රාදේශීය සභාපති භාරවෙයි

තංගල්ල, වෑමැඩිල්ල ප්‍රදේශයේ හෝටලයකදී විදේශීය ජාතිකයෙකු ඝාතනය කිරීමට අදාළ ප්‍රධාන සැකකාරතංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ මහතා අද (26) රාත්‍රීයේ 8.15ට පමණ පොලීසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබේ.


පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසූවේ, තංගල්ලේ සංචාරක හෝටලයකදී පෙරේදා විදේශික තරුණියකට තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටි ඔහු පොලීසියට භාර වු බවයි.
පෙරේදා රාත්‍රියේ අදාළ මැර පිරිස සංචාරක හෝටලය තුළ දී එම බ්‍රිතාන්‍ය ජාතිකයා මරා දමා  ඔහුගේ බිරිදට අතවර කර තිබිණ.

මෙම සිද්ධියෙන් මියගොස්‌ ඇත්තේ එංගලන්ත ජාතික කුරාන් යෙන් නමැති 27 හැවිරිදි අයෙකි. ඔහුගේ බිරිඳ වන එංගලන්ත ජාතික වික්‌ටෝරියා නමැති 24 හැවිරිදි කාන්තාව  මේ වනවිට කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින්නීය.


තංගල්ලේ කාන්තාවට ලිංගික අතවරයෙන් දැඩි සත්කාරයේ

ඊයේ (25) අලුයම තංගල්ල - මැඩිල්ල ප‍්‍රදේශයේ හෝටලයක ලැගුම් ගෙන සිටි  බි‍්‍රතාන්‍ය ජාතික කුරාන් යෙන් නමැති 27 හැවිරිදි අයෙකු ඝාතනය කල පිරිසඔහුගේ බිරිඳ වන වික්‌ටෝරියා නමැති 24 හැවිරිදි කාන්තාවට ලිංගික අතවර සිදු කර ඇති බව 'හිරු' ගුවන් විදුලිය වාර්තා කරයි.සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ එම විදේශීය කාන්තාව මේ වන විට කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබයි.

මෙම ගැටුම ඇතිකර ගත් පුද්ගලයන් විසින් බි‍්‍රතාන්‍ය ජාතිකයාට අමානුෂික ලෙස පහර දී වෙඩි තබා ඝාතනය කර බෝතල් කටුවලින්ද කපා කොටා ඇත.
මෙම සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි. ඒ අනුව මේ වනවිට මෙම සිද්දිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.සැකකරුවන් දෙදෙනෙකු ඊයේ රාත්‍රියේ පොලීසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගනු ලැබිය.

සැකකරුවන් පැමිණි බව කියන වාහනයේ අයිතිකරුපොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
පොලිසිය පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් 4 ක් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් වැඩිදුර ප‍්‍රශ්න කිරීම් සිදු කරන බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කරයි.මෙම සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට චෝදනා වී තිබේ.

විදෙස් සංචාරකයා ඝාතනය කළ දේශපාලඥයා තවමත් නිදැල්ලේ පසුවන අතර බ්‍රිතාන්‍ය ජාතික සංචාරකයා වෙඩි තබා ඝාතනය කිරීමට සම්බන්ඳ දේශපාලඥයා එජනිස ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ බව වාර්තා වෙනවා.ඝාතනය සඳහා ඔවුන් පැමිණි වාහනයේ හිමිකරු අත් අඩංගුවට ගෙන ඇතත් ඝාතනයට සම්බන්ඳ දේශපාලඥයා මේ වනවිටත් අත් අඩංගුවට ගෙන නැත්තේ ඔහු නාමල් රාජපක්ෂ මහතාගේ ගෝලයකු වන නිසා බවයි වාර්තා වෙන්නේ.

පසුගිය ජනාධිපතිවරණ සමයේදී සජිත් ප්‍රේමදාස මහතාගේ ආධාරකරුවන් පිරිසක් ගමන්කරමින් සිටි බස්රථයකට වෙඩිතබා කාන්තාවක ඝාතණය කිරීම පිලිබදව චෝදනාද එල්ල වුනේද මොහුටයි. නමුත් දේශපාලන හිතවත්කම් මත ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක නොවූ අතර පසුගිය වසරේ පැවැත්වූ පළාත් පාලන මැතිවරණයේදී තංගල්ල ප්‍රාදේශීය සභාවේ අපේක්ෂකයෙකු ලෙස තරඟකර සභාපති පදවියටද ඔහු පත්වුනා


මෙම ඝාතනය සිදුවී ඇත්තේ එම හෝටලයේ සංගීත සංදර්ශනයක් අතරතුර මත්පැන් පානය කර සිටි දේශපාලනඥයා ඇතුළු මැර පිරිස විසින් ඝාතනයට ලක්වූ විදේශිකයාගේ රුසියානු ජාතික බිරිඳට අශෝභන විහිළු තහළු කිරීම නිසයි. එලෙස ඔවුන්ට හිරිහැර බාධාකරමින් හැසිරීම නිසා විදේශිකයා මෙම පිරිසට තම අප්‍රසාදය පළකිරීමත් සමග දෙපිරිස අතර යම් බහින්බස් වීමක් සිදුව තිබෙනවා. පසුව මෙම දේශපාලනඥයා ඇතුළු මැර පිරිස විසින් මෙම යුවළට පහරදී වෙඩි තබා තිබෙනවා.

මියගිය බ්‍රිතාන්‍ය ජාතිකයාගේ සිරුර මේ වනවිට මාතර රෝහලේ තැන්පත් කර ඇති අතර ඔහුගේ බිරිඳ ගාල්ල කරාපිටිය රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටීනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා ප්‍රකාශ කර ඇත්තේ පරීක්ෂණ කටයුතු අවසන් වනතුරු සැකකරුවන් පිළිබද කිසිවක් හෙළි නොකරන බවයි.

රජය විසින් සිය ප්‍රධාන ආර්ථික ‍ඉලක්කය ලෙස සංචාරක ව්‍යාපාරය තෝරාගෙන ඇති අතර මේ වසරේ සංචාරකයන් 800,000 පැමිණ ඇතැයිද පසුගියදා මාධ්‍ය හරහා හරහා ඉතා ඉහලින් ප්‍රචාරයක් ගෙන ගිය අතර මෙවන් සිදුවීම් හේතුවෙන් සංචාරක ව්‍යාපාරයට සිදුවන හානිය සුළු පටු නොවේ.






පසුගියදා තංගල්ල මැඩිල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයකදී බ්‍රිතාන්‍ය ජාතික සංචාරකයකු වෙඩි තබා ඝාතනය කළ තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ ඊයේ පොලීසියට බාරවී තිබෙනවා.

ඊයේ තංගල්ල මහේස්ත‍්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනවාරි මස 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූ අතර අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. ඔහුගේ පියාද හිටපු තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයෙකි.

මෙය ඔහුගේ පළමු ඝාතනය නොව දෙවන මනුෂ්‍ය ඝාතනය වෙනවා. පසුගිය වසරේ ජනවාරි 12 වෙනිදා හම්බන්තොට පැවති සජිත් ප්‍රේමදාස මහතාගේ රැලියකට ගමන් කරමින් තිබූ බස් රථයකට වෙඩි තැබුවේද මෙම සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණයි.

එම ඝාතනය සඳහා චන්ද්‍රපුෂ්ප විදානපතිරණ හා සමීර නැමැති තවත් නාමල් රාජපක්ෂ මහතාගේ ආධාරකරුවෙකු බජාජ් වර්ගයේ මෝටර් සයිකලයකින් පැමිණ ඇති අතර එම මෝටර් සයිකලය පදවා ඇත්තේ සමීර නැමැත්තා විසිනි. වෙඩි තබා තිබුනේ ටී56 වර්ගයේ ගිනිඅවියකිනි. වෙඩි වැදීමට ලක්වූ 64 හැවිරිදි කුසුමාවතී කුරුප්පුආරච්චු නම් කාන්තාව මියගියේ මාතර රෝහලට ඇතුලත් කිරීමෙන් පසුවයි.

එම මරණයෙන් පසු චන්ද්‍රපුෂ්ප විදානපතිරණ විසින් එම කාන්තාවගේ පවුලට විශාල මුදලක් ලබාදී ඔවුන්ගේ ප්‍රකාශ තම වාසියට හරවාගෙන තිබුනා. ඝාතනයට ලක්වූ කාන්තාව ගමන් කර තිබුනේ එක්සත් ජාතික පක්ෂයේ රැලියකට වුවද එම කාන්තාවගේ 70 හැවිරිදි සැමියා ඉන්පසු පවසා තිබුනේ ඔහුගේ මුනුපුරෙකුට 2004 වසරේදී ධීවර අමාත්‍යාංශයේ රැකියාවක් ලබාදී ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා බවත් එබැවින් ඔවුන් වැඩ කරන්නේ එක්සත් ජනතා නිදහස් සංධානයට බවත්ය.

ඉන්පසු හුන්ගම පට්ටියපොල ප්‍රදේශයේදී චන්ද්‍රපුෂ්ප විදානපතිරණ හා සමීර පොලිස් අත්අඩංගුවට පත්වූ අතර දේශපාලන හිතවත්කම් මත හා චන්ද්‍රපුෂ්ප විදානපතිරණ මානසික ලෙඩෙක් බව උසාවියට කියාපා එම නඩුවෙන් පහසුවෙන් ගැලවීමට ඔහුට හැකි වුනා.

ඔහුට ඉන්පසු පසුගිය වසරේ පැවැත්වූ පළාත් පාලන මැතිවරණයේදී තංගල්ල ප්‍රාදේශීය සභාවට තරඟ කරන ලෙස ඉල්ලා ඇත්තේ නාමල් රාජපක්ෂ මහතා විසිනි. පලාත් සභා මැතිවරණයේදී මුදල් හා මැර බලයෙන් සභාපති පුටුවට පත්වූ ඔහු විසින්ම ඉන්පසුව ඔහුගේ වාහනයකට පිස්තෝලයකින් වෙඩි තබාගන තිබෙනවා. ඒ තමාට ඇති තර්ජන ඇතැයි පවසා ආරක්ෂාව වැඩි කරගැනීම සඳහායි.

පසුගියදා සිදුවූ විදේශ සංචාරකයාගේ මරණය සිදුවී ඇත්තේ මොහු සමඟ සිටි මැර පිරිස විසින් විදේශිකයාට අමානුෂික ලෙස පහර දී වෙඩි තබා ඝාතනය කර බෝතල් කටුවලින්ද කපා කොටා දැමීමෙනි. ඔහුගේ 24 හැවිරිදි බිරිඳද මේ වනවිට පසුවන්නේ දැඩි සත්කාර ඒකකයේය. ඒ මොවුන් විසින් එම කාන්තාවටද කපා කොටා තුවාල සිදුකර ඇති නිසාය.

නත්තල් සාදයේ බීමතින් සිටි චන්ද්‍රපුෂ්ප විදානපතිරණ ඇතුළු මෙම මැර පිරිස විසින් එම සාදයේ නර්තනයේ යෙදී සිටි තවත් එක් ලාංකිකයෙකුට අමානුෂික ලෙස පහරදී තිබෙනවා. එයට එරෙහිව ඔහුව බේරාගැනීම සඳහායි මෙම විදේශිකයා ඉදිරිපත් වී තිබෙන්නේ. විදේශිකයා ඝාතනය කිරීමෙන් පසුව ඔහුගේ බිරිඳ වන වික්‌ටෝරියා නමැති එම 24 හැවිරිදි කාන්තාවට ලිංගික අතවරයක්ද මෙම මැර පිරිස විසින් කර ඇති බව තවත් වාර්තාවකින් කියවුනා.

දේශපාලන බලපුළුවන්කාරකම් මත රටේ සිදුවන අපරාධ වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන්නේද දේශපාලන උවමනා මත වන වත්මන් සමාජයේ විදේශ රටවල් හමුවේ ලංකාවේ නාමය කැත කළ මේ චන්ද්‍රපුෂ්ප විදානපතිරණ ඇතුළු මැර පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන හැටි අප බලාසිටිමු.

 
මෙහි දැක්වෙන්නේ මෙම ගැටුමට මුල්වූ රයන් අකලංක නම් පුද්ගලයා බි.බි.සි සිංහල සේවයට පල කල අදහසුයි.ඔහු වැරදීමකින් පුද්ගලයෙකුගේ ඇඟේ හැපීම නිසා මෙම ගැටුම ඇතිවූ බවත් එය වැළකීමට විදේශිකයා දුව ආ බවත් ඔහු පැහැදිලිකර සිටිනවා.
 
Related Posts with Thumbnails