Ads 468x60px

.

වෙලා තියෙන්නෙ මුගෙ අවලන්කම් ඉවසන්න - එස්.බී

මේ දිනවල කැම්පස් සිසුන් හා යුද්ධයක නිරත වී සිටින උසස් අධ්‍යාපන ඇමති එස්.බී. දිසානායක මේ වන විට ශිෂ්‍ය සංගම් 30 කට අධික ගණනක් තහනම් කරන සැබෑ තතු  වාර්තාවේ. පේරාදෙණිය කැම්පස් එක අසල ගලහ පාරට එස්.බී.ගේ ඇත්තේ පුදුම කැමැත්තකි. උසස් අධ්‍යාපන ඇමති වශයෙන් එස්.බී.ගේ එකම බලාපොරොත්තුව විශ්වවිද්‍යාලවලට හෙණ ගැහුවත් ගලහ පාර සන්සුන්ව තබා ගැනීමයි.


හැන්දෑවට ට‍්‍රැක් බොටම් එකක් දාගෙන කැප් එකකින් හිස ආවරණය කර ගනිමින්, විසිල් එකක් ගසමින් ගලහ පාරේ වෝක් එකක් යාම එස්.බී.ගේ අහිංසක පැතුමයි. මේ කාලකන්නි කැම්පස් කොල්ලන් එස්.බී.ගේ ඒ පුංචි පැතුම ඉටුවනු දැකීමට අකමැතිය. එස්.බී.ට නප්පියට තද වන්නේ ඒ නිසාය. කලක් සුසන්තිකා සමග මැරතන් දුවමින් සිට නෝන්ඩි වූ එස්.බී. දැන් ගලහ පාරේ වෝක් එකක් දමයි.

අසම්මජ්ජාති කැම්පස් කොල්ලන් නිසා එස්.බී.ට කූල් වෝක් එක දැමීමට බැරිවීමෙන්, පෙරුම්පුරල ප්ලෑන් කරල, සතේ සතේ එකතු කරල ඞීසල් ගසා අමාත්‍යංශ වාහනයකින් ගලහ පාරේ කූල් වෝක් එක කොල්ලූපිටියට ගෙන්නා ගන්නේ මෝල් කලන්තයෙන් සිහිමුර්ජාවීමට ඔන්න මෙන්න තියාය.
එස්.බී. පදින ගලහ පාරේ කූල් වෝක් එක කොල්ලූපිටියට ආ බව කවුදෝ නසරානියෙකු විසින් බත්තරමුල්ලේ සිටින ඇමති බිරිඳට දැනුම් දෙන්නේ මේ අව්අස්සේය. ජීවිතයම පුරා එස්.බී.ගේ සොමියට බාධාවක් වී සිටින දයාබර තමරා කොල්ලූපිටියේ එස්.බී.ගේ යාළුවාගේ පොට් එකට බලෙන් කඩා වදින්නේ ඉන් පසුවය.

හොඳ වෙලාවට එස්.බී. සිටියේ ප‍්‍රහාරයේ පළමු වන චුම්භන අදියරේදීය. තමරා තොයිලය පටන් ගත්තේ එය දැකීමෙනි. ආරක්‍ෂාවට සිටින එම්.එස්.ඞී. එකේ එවුන්ට හෙන 14 ක් වදී. ඒ තමරාගෙන් හතක් සහ එස්.බී.ගෙන් හතක් වශයෙනි. ‘‘ජීවිතේම මට වෙලා තියෙන්නෙ මුගෙ අවලන්කම් ඉවසන්න. මේ හොඳටම ඇති. මම යනවා  ඕස්ටේ‍්‍රලියාවේ පුතාලා ළඟට’’ කියමින් තමරා පිටවී යයි. ප‍්‍රහාරයකින් තොරවම අමාත්‍යංශය වාහනය කොල්ලූපිටියේ සිට ගලහ පාර දක්වා ඉගිල්ලී යයි. ගහන ගහන හැම එකක්ම අබ්ලික් බව සිතමින් එස්.බී. උම්බලකඩ බයිට් එක සමග බ්ලැක් ලේබල් සප්පායම් වන්නේ තමන්ගේ නීචවී ඇති ග‍්‍රහයා ගැන දුක් වෙමිනි.
 
Related Posts with Thumbnails