Ads 468x60px

.

බොලවුඩයේ සුපිරි සිනමා තරු ඇගේ පච්ච

සංජේ දත්, අජේ දේව්ගන්, සායිෆ් අලි ඛාන්, දීපිකා පදුකෝන්, සුෂ්මිතා සෙන්  හා තවත් බොලවුඩයේ සුපිරි සිනමා තරු කිහිපයක්ම ටැටූ කාලවට පි‍්‍රයකරන බැවින් බොලිවුඩ් අධ්‍යක්‍ෂවරුන්ට ටැටූ කලා පෙනෙන ආකාරයේ ජවනිකා වලට නළු නිළියන් සොයා ගැනීමට කරදයක් නැතැයි වාර්තා වේ.මේ තතත්වය හොලිවුඩයේ තරමක් වෙනස් බවත් පැවසේ.හොලිවුඩ් නළු නිළියන් ටැටූ නිසා අතුරු ආබාධ ඇතිවෙතැයි යන බිය නිසා ටැටූ ඇගේ ඇඳ ගැනීමට අකමැති බවද වාර්තා වේ. ටැටූ ඇග පුරා ඇඳ ගැනීමේ අලුත් බොලිවුඩ් නළුවා වී ඇත්තේ රිතිෂ් දේශ්මුඛ් බවද පැවසේ.
‘ක්යා සුපර් කූල් හේන් හම්’ විකට සිනමා පටයට රිතිෂ් අත්වල සහ බෙල්ලේ ටැටූ අන්දවා ගැනීමේ බලාපොරොත්තුවෙන් සිටින බවද වාර්තා වේ.ඔහු ඒ සඳහා ටැටූ 70 ක් අන්දවා ගැනීමට සූදානමින් සිටින බවද පැවසේ.මෙම චිත‍්‍රපටය 2012 අපේ‍්‍රල් - මැයි අතර තිරගත කිරීමට නියමිතය.මේ විකට සිනමා පටය වසරේ ලොකුම සිනාව ගෙන එන සිනමා පටයක් වනු ඇතැයි විචාරකයෝ අපේක්‍ෂා කරති.එම සිනමා පටය ‘ක්යා කූල් හේන් හම්’ නම් අති සාර්ථක සිනමා පටයේ දෙවැන්න වේ.
 
Related Posts with Thumbnails