Ads 468x60px

.

රාවතාවත්ත ළමා නිවාසය හරිගස්සනකන් මෙවර නත්තලට මම සහභාගී වෙන්නේ නැහැ - අගරදගුරු

මෙවර නත්තල් උත්සව සමයේ දී පැවැත්වෙන කිසිදු රාජ්‍ය උත්සවයකට හෝ කිසිදු රාජ්‍ය සංස්ථා වැඩසටහනකට තමන් සහභාගි නොවන බව කොළඹ අගරදගුරු අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පවසයි. මත භේදයට ලක්වූ මොරටුව, රාවතාවත්ත ළමා නිවාසය සම්බන්ධයෙන් සාධාරණයක් ඉටුකරන තුරු තමන් මෙම තීරණය ක්‍රියාත්මක කරන බව කාදිනල්තුමන් සඳහන් කරයි. ‍ අද(03) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මැල්කම් රංජිත් හිමිපාණන් මේ බව සඳහන් කළේය.‍ ගබ්සා කිරීම තහනම් නිසා යම්කිසි හේතූන් නිසා තමන් බලාපොරොත්තු නොවන ආකාරයේ ගැබ්ගැනීමක් සිදුවුණොත් එවැනි අයට සහයවීම පොදු සමාජයේ වගකීමක් විය යුතු බව එම හිමිපාණන් පෙන්වාදුන්නේය. 
‍ මෙම දරුවන් බිහිවූ පසු ඔවුන් නිසියාකාරව හදාවඩා ගැනීමට කටයුතු කිරීම ද මනුෂ්‍ය සමාජයේ වගකීමක් බව ද එහිදී හිමිපාණන් ප්‍රකාශ කළේය. 

‍තෙරේසා මව්තුමිය විසින් පිහිටුවන ලද මිෂනරීස් ඔෆ් චැරිටි නම් මෙම සංවිධානය ලොව පුරා මෙවැනි සුවිශාල සේවාවක් ඉටුකරන බව එම සේවාවම මෙම ළමා නිවාසය තුළ දකින්නට ලැබුණු බවත් මැල්කම් රංජිත් හිමිපාණන් වැඩිදුරටත් අවධාරණය කළේය. 



මේ ආයතනයට මමත් ඇවිල්ලා තියෙනවා. මේ ආයත‍නයේ ඉන්න ළමයින් මට හම්බ‍වෙලා තියෙනවා. සමහර වෙලාවට මේ තරුණියෝ සිය දිවි නසා ගන්න තරමටම ජීවිතය කලකිරිලා එන්නේ, මේ තැන්වලට හුගක් වෙලාවට මේ ආයතන වලට දැන් එන්නේ, උසාවියෙන් නියෝග කරපු අය උසාවියෙන් එහෙම නැතත් පරිවාස දෙපාර්තමේන්තුවෙන් ඒ හදාවඩා ගැනීමට දෙන කොටත් මේ දරුවන්ව දෙන්නේ, උසාවිය හා පරිවාස දෙපාර්තමේන්තුවේ අනුමැතිය හා අවසරය ඇතිවයි. එකපාරම මේවා හරියටම හොයලා බලලා කරුණු විග්‍රහ කරලා මේකේ ඇත්ත නැත්ත හරියටම හොයලා බලලා කරුණු විග්‍රහ කරලා මේකේ ඇත්ත නැත්ත හරියට ප්‍රකාශ කරන්නේ නැතිව දඩි බි‍ඩි ගාලා මේ අය තමන්ට ඔළුවට එන හැමදේම කියලා තියෙනවා. විරුද්ධත්වය ප්‍රකාශ කිරීමේ සලකුණක් ලෙස මම ප්‍රකාශ කරනවා.මෙතැන් සිට නත්තල් උත්සවය කාලයේදී කිසිම රාජ්‍ය සංස්ථා වැඩසටහන්වලට සහභාගී වෙන්නේ නැති බව මෙය හරිගස්සනකන් මම සහභාගී වෙන්නේ නැහැ කියන එක මම ප්‍රකාශ කරන්න කැමතියි"
 
Related Posts with Thumbnails