Ads 468x60px

.

තංගල්ලේ කාන්තාවට ලිංගික අතවරයෙන් දැඩි සත්කාරයේ

ඊයේ (25) අලුයම තංගල්ල - මැඩිල්ල ප‍්‍රදේශයේ හෝටලයක ලැගුම් ගෙන සිටි  බි‍්‍රතාන්‍ය ජාතික කුරාන් යෙන් නමැති 27 හැවිරිදි අයෙකු ඝාතනය කල පිරිසඔහුගේ බිරිඳ වන වික්‌ටෝරියා නමැති 24 හැවිරිදි කාන්තාවට ලිංගික අතවර සිදු කර ඇති බව 'හිරු' ගුවන් විදුලිය වාර්තා කරයි.සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ එම විදේශීය කාන්තාව මේ වන විට කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබයි.

මෙම ගැටුම ඇතිකර ගත් පුද්ගලයන් විසින් බි‍්‍රතාන්‍ය ජාතිකයාට අමානුෂික ලෙස පහර දී වෙඩි තබා ඝාතනය කර බෝතල් කටුවලින්ද කපා කොටා ඇත.
මෙම සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි. ඒ අනුව මේ වනවිට මෙම සිද්දිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.සැකකරුවන් දෙදෙනෙකු ඊයේ රාත්‍රියේ පොලීසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගනු ලැබිය.

සැකකරුවන් පැමිණි බව කියන වාහනයේ අයිතිකරුපොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
පොලිසිය පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් 4 ක් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් වැඩිදුර ප‍්‍රශ්න කිරීම් සිදු කරන බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කරයි.මෙම සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට චෝදනා වී තිබේ.

විදෙස් සංචාරකයා ඝාතනය කළ දේශපාලඥයා තවමත් නිදැල්ලේ පසුවන අතර බ්‍රිතාන්‍ය ජාතික සංචාරකයා වෙඩි තබා ඝාතනය කිරීමට සම්බන්ඳ දේශපාලඥයා එජනිස ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ බව වාර්තා වෙනවා.ඝාතනය සඳහා ඔවුන් පැමිණි වාහනයේ හිමිකරු අත් අඩංගුවට ගෙන ඇතත් ඝාතනයට සම්බන්ඳ දේශපාලඥයා මේ වනවිටත් අත් අඩංගුවට ගෙන නැත්තේ ඔහු නාමල් රාජපක්ෂ මහතාගේ ගෝලයකු වන නිසා බවයි වාර්තා වෙන්නේ.

පසුගිය ජනාධිපතිවරණ සමයේදී සජිත් ප්‍රේමදාස මහතාගේ ආධාරකරුවන් පිරිසක් ගමන්කරමින් සිටි බස්රථයකට වෙඩිතබා කාන්තාවක ඝාතණය කිරීම පිලිබදව චෝදනාද එල්ල වුනේද මොහුටයි. නමුත් දේශපාලන හිතවත්කම් මත ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක නොවූ අතර පසුගිය වසරේ පැවැත්වූ පළාත් පාලන මැතිවරණයේදී තංගල්ල ප්‍රාදේශීය සභාවේ අපේක්ෂකයෙකු ලෙස තරඟකර සභාපති පදවියටද ඔහු පත්වුනා


මෙම ඝාතනය සිදුවී ඇත්තේ එම හෝටලයේ සංගීත සංදර්ශනයක් අතරතුර මත්පැන් පානය කර සිටි දේශපාලනඥයා ඇතුළු මැර පිරිස විසින් ඝාතනයට ලක්වූ විදේශිකයාගේ රුසියානු ජාතික බිරිඳට අශෝභන විහිළු තහළු කිරීම නිසයි. එලෙස ඔවුන්ට හිරිහැර බාධාකරමින් හැසිරීම නිසා විදේශිකයා මෙම පිරිසට තම අප්‍රසාදය පළකිරීමත් සමග දෙපිරිස අතර යම් බහින්බස් වීමක් සිදුව තිබෙනවා. පසුව මෙම දේශපාලනඥයා ඇතුළු මැර පිරිස විසින් මෙම යුවළට පහරදී වෙඩි තබා තිබෙනවා.

මියගිය බ්‍රිතාන්‍ය ජාතිකයාගේ සිරුර මේ වනවිට මාතර රෝහලේ තැන්පත් කර ඇති අතර ඔහුගේ බිරිඳ ගාල්ල කරාපිටිය රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටීනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා ප්‍රකාශ කර ඇත්තේ පරීක්ෂණ කටයුතු අවසන් වනතුරු සැකකරුවන් පිළිබද කිසිවක් හෙළි නොකරන බවයි.

රජය විසින් සිය ප්‍රධාන ආර්ථික ‍ඉලක්කය ලෙස සංචාරක ව්‍යාපාරය තෝරාගෙන ඇති අතර මේ වසරේ සංචාරකයන් 800,000 පැමිණ ඇතැයිද පසුගියදා මාධ්‍ය හරහා හරහා ඉතා ඉහලින් ප්‍රචාරයක් ගෙන ගිය අතර මෙවන් සිදුවීම් හේතුවෙන් සංචාරක ව්‍යාපාරයට සිදුවන හානිය සුළු පටු නොවේ.






 

 
Related Posts with Thumbnails