Ads 468x60px

.

ලකුණු දසදහස පසු කළ පළමු ක්‍රීඩකයා මහේල ඉතිහාසගත වෙයි


ශී‍්‍ර ලංකා පිලේ හිටපු නායක මහේල ජයවර්ධන ටෙස්ට් ලකුණු දස දහස සම්පූර්ණ කිරීමට මීට සුළු මොහොතකට පෙර සමත් විය.ටෙස්ට් ලකුණූ දසදහස පසු කළ පළමු ශ්‍රී ලාංකික පිතිකරුවා ලෙස ‍මහේල ජයවර්ධන අද ඉතිහාසගත විය.මහේල මෙම දස්කම දැක්වූයේ මේ වන විට දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදීය.ටෙස්ට් හා එක්දින තරග දෙ අංශයෙන් ලකුණු දසදහස පසු කළ පළමු ක්‍රීඩකයා වන්නේ ද මහේල ජයවර්ධනයයි.ඔහු මෙම දස්කම දක්වනු ලැබුවේ දකුණු අපි‍්‍රකාවේ ඩර්බන්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනයේදීය.


මෙම තරගයට පෙර 34 හැවිරිදි මහේල ටෙස්ට් තරග 126 කදී ලකුණු 9,999 රැස්කර සිටියේය. මහේල මේ වන විට එක්දින තරග 356 කදී ලකුණු 10,059 ක් රැස්කර තිබේ.







 
Related Posts with Thumbnails