Ads 468x60px

.

දිස්ත්‍රික් රෑන්ක් වැඩි සිසුන්ට වැඩි ඉසෙඩ් අගයක් - උසස්පෙළ ප්‍රතිඵල ගැටළුයි.!

2011 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ (25) රාත්‍රියේ අන්තර්ජාලයට එක්කරනු ලැබුවා.මෙවර ප්‍රතිඵල ලබාදීම ප්‍රමාද වුයේ විෂය නිර්දේශයන් දෙකක් යටතේ මෙවර විභාගය පැවැත්වූ නිසයි.ඒ අනුව නව නිර්දේශයෙහි හා පැරණි නිර්දේශයන්හි ඉසෙඩ් අගයන් වෙන වෙනම ගණනයකොටත්,
එම ඉසෙඩ් අගයන් එකම විභාගයක් සේ සලකා එකම ඉසෙඩ් අගයක් ලෙසත් වෙනම දත්ත වාර්තා දෙකක් විශේෂ කමිටුවක් වෙත පිලිගැන්වුනා.


විභාග ප‍්‍රථීපල මෙතනින් බලන්න


ඒ අනුව ඔවුන් විසින් සකස් කරනලද සුත්‍රයට අනුව ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා ප්‍රථමයෙන් එය නීතිපති වෙත යොමුකරනු ලැබුවා.නීතිපතිගේ අවසරය ලැබීමෙන් පසුවයි ඊයේ දිනයේ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් වුයේ.නමුත් එම නිකුත් කරනලද ප්‍රතිඵලයේ ගැටළු සහගත තැන ඇති බව අප වෙත වාර්තා වනවා.


ඒ අනුව දිස්ත්‍රික්කයේ ස්ථානය අඩු අගයක් ගත සිසුන්ට අඩු ඉසෙඩ් ලකුනකුත් දිස්ත්‍රික්කයේ ස්ථානය වැඩි අගයක් ගත සිසුන්ට වැඩි ඉසෙඩ් අගයකුත් ලැබී තිබෙනවා.පහත ප්‍රතිඵලවලින් එය වටහා ගත හැකයි.

පළමු ප්‍රතිඵලයේ දිස්ත්‍රික්කයේ 185 වන ස්ථානය ගෙන  ඉසෙඩ් අගය -.2361 ලබාගෙන තිබේ 



දෙවන ප්‍රතිඵලයේ දිස්ත්‍රික්කයේ 280 වන ස්ථානය ගෙන ඉසෙඩ් අගය 1.9773 ක් ලබාගෙන තිබේ 


 
තෙවන ප්‍රතිපහලයේ දිස්ත්‍රික්කයේ 112 වන ස්ථානය ගෙන ඉසෙඩ් අගය 1.2555 ලබාගෙන තිබේ 


ඒ අනුව මේ අතරින් වැඩිම ඉසෙඩ් අගයක් (1.9773) ලබාගෙන ඇත්තේ දිස්ත්‍රික්කයේ 280 ගත් සිසුවායි 

මිට අමතරව සංයුක්ත ගණිතය විෂය ධාරාවේ දිවයිනේ 3727 ත් මාතර දිස්ත්‍රික්කයේ 169 වන ස්ථානයත් ලබා ඇති අතර දිවයිනේ 4729 ට මාතර දිස්ත්‍රික්කයේ ලැබී ඇති ස්ථානය වනුයේ 13 යි. මෙම විභාග ප්‍රතිඵලයේ ගැටළු සහගත බවට අදාළ බලධාරීන් වහා විසදුම් ලබාදිය යුතුය.සිසුන්ට අසාධාරණයක් නොවන අයුරින් විභාග ප්‍රතිඵල නිකුත්කරනවා යැයි කි විභාග කොමසාරිස් මේ සම්බන්ධව පැහැදිලි
කිරිමක් තවම සිදුකොට නොමැත.
 
Related Posts with Thumbnails