ජනමාධ්‍ය මෙන්ම ජඩමාධ්‍ය හරහාද ඒ ගැන එක් එක් මතිමතාන්තර ඉදිරිපත් විය. නමුත් එහිදී ඇති කරගත් ගැටුම්කාරී අවස්ථාව ගැන සැමගේ අවධානයට ලක් වූ පින්තූරයකට අදාලව කෙටි අටුවාවක් තැබීම සුදුසු බව සිතමි.
[1] බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකගේ සිවුර නියමිත පරිදි කෑලි කපා මූට්‍ටු කළ සිවුරක් බව ඕනෑම බෞද්ධයෙක් පාහේ දනී. එනම් භික්ෂු සිවුර සකස් වන්නේ පස්කඩ, සත්කඩ, පහළොස්කඩ යනාදී වශයෙනි. එහෙත් ඉහත පින්තූරයේ සීටින චීවරධාරියාගේ සිවුර එලෙස මැසූ එකක් නොව හදිසියට කඩෙන් ගත් තැඹිලි වර්ණ රෙද්දක් බව පැහැදිළි වේ.
[2] මෙම චීවරධාරියා ගල ගසන නිමේෂයේම කැමරාකරුවන් කිහිප දෙනෙක්ම හරි බරි ගැසී ක්‍රියාත්මක වුනේ කෙසේද යන්නත් ප්‍රශ්නයකි. එක්කෝ ගල ගසන බව එම චීවරධාරියා කැමරාකරුවන්ට ඇඟවිය යුතුය, එසේ නැත්නම් කැමරාකරුවන් ඒ බව කලින්ම දැනගෙන වටවී සිටිය යුතුය.
[3] අනිත් උභතෝකෝටිකය වන්නේ මෙම චීවරධාරියා ගැන කිසිදු කතා බහක් පසුව සිදු නොවීමයි. සියලුම ජඩමාධ්‍යයන් කළේ මෙම පින්තූරය යොදා ගනිමින් “මෙන්න ඔහේලගේ හාමුදුරුවන්ගේ හැටි…” යැයි කීම පමණි. ඇත්තටම මෙම පින්තූරයේ සිටින්නේ භික්ෂුවක්නම්, නම ආරංචි නොවීමට හේතුවක් නැත. අප සොයා බැලුවද එජාපයේ සාමාජිකත්වය ඇති මෙවැනි භික්ෂුවකව එජාපයේ යමක් දන්නා කිසිවෙක් හඳුනන්නේ නැත.
මොවුන්ගේ අරමුණ එක ගලෙන් කුරුල්ලන් දෙන්නෙක්වම බා ගැනීමයි.
එක අතකින් ශ්‍රමණවේශධාරියෙක් ලවා සිරිකොතට ගල් ගැස්සවීමෙන්, රනිල් වික්‍රමසිංහ මහතාට බෞද්ධ භික්ෂූන් වහන්සේලා විරුද්ධ බව පෙන්වමින් තම විරුද්ධවාදියාට පහර දෙයි. අනෙක් අතින් ශ්‍රමනවේශධාරීන් ලවා ගල් ගැස්සවීමෙන්, අදාල පින්තූර ප්‍රසිද්ධ කර බුදු සසුනට නිග්‍රහ කරයි.
එසේම රනිල්ට ගැහුවත් බුදු පිළිම වහන්සේ කෙනෙකුට වැදී එම පිළිමවහන්සේට අලාභ වූ ගල් ගෙඩිය රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිරස මහාරාජා ආයතනයට යැවුවේ කිමද යන්නත් ගැටළුවකි. මෙලෙස ගල් ගැස්සවීම පසුපස සිටින්නේ කවුද?
සිංහල බෞද්ධයෙනි, වර්තමානයේ මූලධර්මවාදීන් බුදු සසුන වැනසීමට හදන්නේ එලිපිටම පන්සල් කඩා බෞද්ධයන්ව තලා පෙලා නොව බෞද්ධයන්ගේ ඇස් වලට වැලි ගසමිනි. එහිදී ඔවුන්ගේ මූලිකම ඉලක්කය වී ඇත්තේ අපේ ගෞරවනීය බෞද්ධ භික්ෂූන් වහන්සේලාවය. ඔවුන් ක්‍රියාත්මක කිරීමට උත්සාහ ගන්නේ භික්ෂුව කෙරෙහි බෞද්ධ උපාසකයන්ට ඇති ගෞරවය සහ සම්බන්ධතාවය නැති කර දැමීමයි. එවිට සසුන අතුරුදන් වූ කළ බුදු දහමත් ලෝකයෙන් අතුරුදන් වෙයි.
“බුදු දහම අනුගමනය නොකරන” චීවරධාරීන්ව හුවා දක්වමින් සමස්ත බුදු දහමට කිසිවෙකුටවත් අපහාස කළ නොහැකිය. කිසියම් ඉගැන්වීමක් මැනිය හැක්කේ එය පිළිපදින අය දෙස බැලීමෙන් මිස ඊට විරුද්ධව යන අය දෙස බැලීමෙන් නොවේ. එහෙත් භික්ෂූන් හෝ ශ්‍රමණ වේශ ධාරීන් නොමනා ලෙස හැසිරීමෙන් සිදුවන්නේ මුකුත් නොදන්නා බෞද්ධයන් ටිකෙන් ටික බුදු දහමින් ඈත් වී බුදු සසුන පිරිහී යාමය.