Ads 468x60px

.

උසස්පෙළ ප්‍රතිඵල වැරදියි - ප්‍රතිඵල ගැටළු සහගතයි - එස්.බී

උසස්පෙළ ප්‍රතිඵල සහ ඉසෙඩ් අගයන්ගේ වැරද්දක් නොමැති බවත් නමුත් දිස්ත්‍රික් ශ්‍රේණිගත කිරීමේදී ගැටළුවක් සිදුවී ඇති බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්. බි දිසානායක මහතා මිට සුලුවෙලාවකට ප්‍රථම මාධ්‍යට ප්‍රකාශකොට ඇත.



දිස්ත්‍රික් හා ජාතික කුසලතා ‍ශ්‍රේණි අවලංගු කෙරේ 
නිකුත්කරනලද උසස්පෙළ ප්‍රතිපලයන්හි  දිස්ත්‍රික් හා දිවයිනේ ශ්‍රේණිගත කිරීම් ගැටළු සහගත බව උසස් අධ්‍යාපන ඇමති එස් බී දිසානායක මහතා මෙන්ම උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා ප්‍රකාශකොට තිබෙනවා.උසස්පෙළ ප්‍රතිපල හා ඉසෙඩ් අගය දෝෂ රහිත බවත් ශ්‍රේණිගත කිරීම් නිවැරදි කරනලද ප්‍රතිපල නැවත නිකුත්කරන බවත් උසස් අධ්‍යාපන ලේකම් සුනිල් නවරත්න මහතා ප්‍රකාශකොට තිබේ.


 

මේක කම්පියුටරේ පොඩි අවුලක් - එස්.බී 

එතුමාගේ අදහස් පහතින්
අතිගරු ජනාධිපතිතුමා පෙරේදා අපි සියලු දෙනාටම බැන්නා..ඉතින් පෙරේදා දවල් 1:30 වෙනකොට අපි නව සුත්‍රය ,නව ජ්‍යාමිතික සුත්‍රය හදලා විභාග දෙපාර්තමේන්තුවට බාර දුන්නා..
ඉතින් ඒ සුත්‍රයට දාල මේක හදන්න ඕනා..අපි දන්නවා ඉසෙඩ් ස්කෝර් වල කිසි වරදක් නැහැ..ප්‍රතිඵල වල කිසි වරදක් නැහැ..දිස්ත්‍රික් රෑන්ක් කරනකොට කම්පියුටරේ පොඩි අවුලක් වෙලා තියෙනවා..ඒක හදයි.."

ජනාධිපතිතුමා අපි හැමෝටම බැන්නා
2011 උසස්පෙළ ප්‍රතිඵලයන්හි දිස්ත්‍රික් ශ්‍රේණිගත කිරීම් සහ දිවයිනේ ශ්‍රේණිගත කිර්ම් පිලිබඳ උසස් අධ්‍යාපන ආමාත්‍ය එස්.බී දිසානායක මහතා
මාධ්‍යට අදහස් දක්වා තිබුනා.

 

 


 
Related Posts with Thumbnails