Ads 468x60px

.

බ්ලූබොට්ල් ප‍්‍රහාරයකින් පසුව ස්ටේන් ඇගේ මුත‍්‍රා කරගෙන

කුණු අපි‍්‍රකානු වේග පන්දු යවන කී‍්‍රඩක ඩේල් ස්ටේන් පසුගියදා සිය සිරුරේ මුත‍්‍රා කරගෙන ඇතැයි වාර්තා විය. මේ පිළිබඳව ට්විටර් පණිවිඩයක් නිකුත් කර ඇති ස්ටෙයින් පවසා ඇත්තේ තමා සිය අත හා කකුල පුරා මුත‍්‍රා කර ගත් බවයි.


ඔහු මෙසේ කර ඇත්තේ පසුගියදා මුහුදුවෙරළේ දී ඇබැද්දියකට ලක්වෙමින් අනතුරුවයි. මුහුදුවෙරළට ගොස් ඇති ස්ටෙයින්, බ්ලූබොට්ල් නමින් හැඳින්වෙන ජෙලිෆිෂ් සතුන්ගේ දෂ්ඨ කිරීමකට ගොදුරුව ඇත. බ්ලූබොට්ල් ප‍්‍රහාරයකින් පසුව වහා දෂ්ඨ කළ ප‍්‍රදේශය මත මුත‍්‍රා කිරීමෙන් වේදනාව සමනය වන බව ජනවහරේ සඳහන් වේ. 

කෙසේ වෙතත් නූතන වෛද්‍ය ක‍්‍රම විසින් මෙම මතය ප‍්‍රතික්‍ෂේප කරයි. ශ‍්‍රී ලංකාවට එරෙහිව පැවති පළමු ටෙස්ට් තරගය දින 3කින් අවසන් වීමෙන් අනතුරුව වැඩි විවේකයක් ලැබීමට දකුණු අපි‍්‍රකාවට අවස්ථාව ලැබිණි.

 
Related Posts with Thumbnails