Ads 468x60px

.

දෙරණේ වාද පිටියටත් දේශපාලන බලපෑම්

දෙරණ රූපවාහිනිය මඟින් සති පතා විකාශය වන 'වාද පිටිය' වැඩ සටහන සදහා ජනඅරගල ව්‍යාපාරයේ නියෝජිතයින් සහභාගී කර නොගන්නා ලෙස ආණ්ඩුවේ ප්‍රබලයකු විසින් එම නාලිකාවට බලපෑම්කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තාවේ.


වාද පිටිය වැඩ සටහන තුළින් අද දිනයේදී විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ මතුව ඇති අර්බුධ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව තිබුණු අතර ඊට අදාළව පූර්ව ප්‍රචාරක කටයුතුද එම ආයතනය විසින් අද උදෑසන කාලයේදී සිදුකර තිබිණි. ඒ සදහා ජනඅරගල ව්‍යාපාරයේ නියෝජිතයකුද සහභාගීවීමට නියමිත බව එහිදී ප්‍රචාරය විය.

කෙසේ වෙතත් අද දහවල්වන විට එම වැඩසටහන සඳහා ජනඅරගල ව්‍යාපාරයේ නියෝජිතයකු සම්බන්ධ කර නොගන්නා ලෙසත් ඒ වෙනුවට ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයකු සම්බන්ධ කරගන්නා ලෙසත් අදාළ දේශපාලනඥයා බලපෑම්කර තිබේ.
 
Related Posts with Thumbnails