Ads 468x60px

.

චන්ද්‍රිකා එසේ කිව්වාමයි බුද්ධික පතිරණ කියයි

"හරි නායකයකු සිටිනවා නම් ආණ්‌ඩුව පෙරළන හැටි තමන් කියාදෙන්නම්" යෑයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මිය තමන් සමග ස්‌ථිරවම පැවසූ බව මාතර දිස්‌ත්‍රික්‌ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පැවසීය.

ඒ පිළිබඳව පුවත්පත්වල පළ වූ, සියලු වාර්තා සත්‍ය බවද ඒවා අකුරක්‌ නෑර සත්‍යය බවද කී මන්ත්‍රීවරයා ඩුබායි ගුවන් තොටුපොළේ දී ඇවිද යන අතරේ හිටපු ජනාධිපතිවරිය මුණගැසුණු බවද වැඩිදුරටත් සඳහන් කළේය.

ඔහු මේ බව සඳහන් කළේ "දිවයින" පත්‍රයේ පළවූ බුද්ධික මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයට අදාළ වාර්තාව ප්‍රතික්‌ෂේප කරමින් හිටපු ජනාධිපතිනිය විසින් එවන ලද ලිපියක්‌ සම්බන්ධව කළ විමසීමකදීය.
 
Related Posts with Thumbnails