Ads 468x60px

.

පාසැල් සේවය වෑන් රිය අනතුරෙන් සිසුහු 7කට අසාධ්‍යයි (Photo)

ගල්කිස්සේදී  පෞද්ගලික බස්රථයක් හා පාසල් වෑන් රියක් ගැටී ළමයින් 7 දෙනෙකු ඇතුළු 9 දෙනෙකු තුවාල ලබා රෝහලට ඇතුලත් කළ බව පොලීසිය කියයි.

ගාලූ පාරේ, ගල්කිස්ස  ඕඩියන්ස් සිනමා ශාලාව අසළ දී අද (18) අලූයම මෙම රිය අනතුර සිදුවී ඇත. මෙම අනතුරින් තුවාල ලැබූ ළමුන් දෙදෙනෙකුගේ තත්වය බරපතල බව දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.අනතුරින් තුවාල ලැබූවන් කොළඹ ප‍්‍රධාන පෙළේ පාසල් කිහිපයක ඉගෙනුම ලබන සිසුන් බව ද ඔහු වැඩිදුරටත් ප‍්‍රකාශ කරයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ, උදෑසන 6.45 ට පමණ අනතුර සිදුව ඇති බවයි. තුවාලකරුවන් දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. අනතුරින් පාසල් වෑන් රථයට දැඩි හානි සිදුව ඇති බවද පොලීසිය පවසයි.දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ, වෛද්‍ය අනිල් ජාසිංහ පවසන්නේ, තුවාල ලැබූ සිසුවකුගේ සහ ශිෂ්‍යාවකගේ තත්ත්වය බරපතල බවයි.

 

 
 
Related Posts with Thumbnails