Ads 468x60px

.

බිරිඳ රට යවලා දුව ව අඹුකමට අරන්

කලක් තිස්සේ සිය දියණිය ලිංගිකව අපයෝජනය කළ බව කියන මිහින්තලය ප‍්‍රදේශයේ පුද්ගලයෙකු පොලීසිය විසින් ඊයේ (17) අත්අඩංගුවට ගෙන තිබේ.මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ 34 හැවිරිදි අයෙකු වන අතර ඔහුගේ බිරිය විදෙස්ගතව සිටියදී මේ සිද්ධිය සිදුව තිබේ.
බිරිය විදෙස්ගතවීම හේතුවෙන් නිවසේ රැඳී සිට ඇත්තේ එම පුද්ගලයා සහ දියණියන් දෙදෙනා පමණි.අපයෝජනයට ලක්ව ඇති දියණිය වයස අවුරුදු 14 ක බාලවයස්කාරියක් බව පැවසේ. 

මේ අතර, දඹුල්ල සහ මහියංගණය යන ප‍්‍රදේශවලින්ද බාලවයස්කාර දැරියන් අපයෝජනය කිරීමේ සිද්ධීන් දෙකක් වාර්තා වේ.දඹුල්ල ප‍්‍රදේශයේදී අපයෝජනයවූ දැරිය මව සමග අමනාප වී නිවසින් පිටව ගොස් සිටියදී ලැගුම්හලකට රැගෙන ගොස් කෙළෙසා ඇතැයි වාර්තා වේ.වයස අවුරුදු 13 ක දැරියක් එලෙස අපයෝජනයට ලක්ව තිබේ.

එම දැරිය කෙළෙසූ බවට සැකකරණ අය හා ඇය ලැගුම්හලට ප‍්‍රවාහනය කළ ති‍්‍රරෝද රියදුරාද ලැගුම්හලෙහි කාමර සැපයුම්කරුද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.මහයංගනය ප‍්‍රදේශයේදි අපයෝජනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 14ක දැරියකි.සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට ගිරාඳුරුකෝට්ටේ පදිංචි වයස අවුරුදු 22 ක පමණ තරුණයකු අත්අඩංගුවට තිබේ.
 
Related Posts with Thumbnails