Ads 468x60px

.

2012 දී ලෝක විනාශය වන්නේ කුමක් නිසාද ?

පසුගිය දිනවල ඇතැම් මාධ්‍ය හරහා කියා සිටියේ අප සෞරග්‍රහමණ්ඩල‍ය 2012 දී ක්ෂිරපථයේ අනතුරුදායක කලාපයට ඇතුල්වන බවත් මෙය තාරකාවිද්‍යාඥවරියක විසින්ද තහවුරු කර ඇති බවය. මෙහි ඇත්ත නැත්ත කුමක් ද?

මෙම විශ්වයේ සියළුම වස්තු පද්ධති ලෙස පවතී. පෘථිවිය සහ අනෙක් ග්‍රහලෝක සූර්යයා වටා භ්‍රමණය වන්නා සේම සූර්යයා ද තම තරු පොකුර තුල අසල්වැසි තරු සමග භ්‍රමණය වේ.


එසේම අපට අහසේ පෙනෙන සියළුම තරු රැගත් ක්ෂිරපථය ලෙස අප හඳුන්වන, අප සූර්යයා අයත් මණ්දාකිණියද භ්‍රමණය වේ. අප මණ්දාකිණිය සර්පිලාකාර වර්ගයට අයත් එකක්. එහි බාහු ලෙස හඳුන්වන කොටස් ඇති අතර අප සිටින්නේ ඉන් සැජිටේරියස් හෙවත් ධනු බාහුවේ පිටත කොනක ය.

ආ.ව. 80,000 – 120,000ක් පමණ විශ්කම්භයෙන් යුත් ක්ෂිරපථයේ මධ්‍යයේ සිට ආ.ව. 26,000ක් පමණ දුරින් අප සූර්යයා පිහිටයි. අප සූර්යයා සහ ග්‍රහපද්ධතිය සෑම වසර මිලියන 200-250කට වරක්ම ක්ෂිරපථය වටා වටයක් ගමන් කරයි.ක්ෂිරපථයේ ඇතැම් ප්‍රදේශ තරු වලින් බහුල අතර ඇතැම් ප්‍රදේශවල තරු අඩු ය. සූර්යයා ක්ෂිරපථය වටා ගමන් කිරීමේදී මෙම තරු අඩු ප්‍රදේශයට පිවිසීම නිසා ක්ෂිරපථයේ මධ්‍යයෙන් පැමිනෙන අහිතරකර විකිරණ වලට නිරාවරණය විය හැකි ය.

එහිදී පෘථිවිය මත ජීවියට තර්ජන එල්ලවිය හැකි බව විද්‍යාඥයින්ගේ මතය යි. මේ අනුව මීට භ්‍රමණ චක්‍ර දෙකකට පෙර ඩයිනෝසරයින් වඳවී යාම මෙවන් අවස්ථාවක් විය හැකි ද?. එහෙත් ඇතැම් විද්‍යාඥයන් දක්වන්නේ වෙනස් අදහස් ය.නමුත් මෙහිදී පෘථීවි වාසීන් ලෙස අප බිය විය යුතු ද? වසර මිලියන 200ක් යනු විශාල ප්‍රමාණයකි. තවත් වසර මිලියන100කට පමණ අප එම ප්‍රදේශයට ඇතුල් නොවනු ඇත. එනම් මෙම සිදුවීම 2012 හා සම්බන්ධ කිරීමට උත්සාහ ගැනීම තේරුමක් නැති ක්‍රියාවකි. 2012 දී ලෝක විනාශයක් වනවා යයි කියන්නෝ කිසිඳු පැහැදිලි හේතුවක් එනම් කුමක් නිසා ලෝකය විනාශවනවාදැයි පෙන්වා නොදෙයි.

 
Related Posts with Thumbnails