Ads 468x60px

.

කව්රුහරි නිකන් ක්‍රිකට් ගහනවා නම් එක ලොකු දෙයක් - ලසිත් මාලිංග

මගේ රැකියාව තමයි ක්‍රිකට් ක්‍රීඩාව.
ඉතින් ක්‍රීඩා කර සල්ලි හම්බකිරීමේ වැරැද්ද මොකද්ද...

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි වේග පන්දු යවන්න වන ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් සමග වාර්ෂිකව අත්සන් කරනු ලබන ප්‍රධාන ක්‍රිකට් කොන්ත්‍රාත්තුව අත්සන් කිරීම ප්‍රතික්ෂේප කර ඇති අතර මේ පිළිබඳව ලසිත් මාලිංග මාධ්‍යයට අදහස් දක්වා තිබු ඔහු කියා සිටින්නේ මෙවැන්නක්.

මගේ ආදයාම ගැන මටත් වඩා මාධ්‍යය ගොඩක් සැලකිලිමත් වනවා.ඒ ගැන මට පුදුමයි.කොහම උනත් මගේ ආදායම ගැනයි මම සැලකිලිමත් විය යුත්තේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කොන්ත්‍රාත්තුව ගැන කිසිවක් මම තවම කතා කලේ නැහැ.මේ දිනවල මට ඇති ආබාධයක් නිසා ප්‍රතිකාර ලබාගෙන නැවතත් ඉක්මනින්ම අයි.පි.එල් තරඟාවලියට සහභාගී වන්න ඉන්දියාවට යනවා.
පැහැදිලිවම කිව යුතුයි මම ක්‍රිකට් ගහන්නේ සල්ලි නිසා.මගේ රැකියාව තමයි ක්‍රිකට් ක්‍රීඩාව.ඉතින් ක්‍රීඩා කර සල්ලි හම්බකිරීමේ වැරැද්ද මොකද්ද.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කොන්ත්‍රාත්තුව ගැන මුකුත් කතා කර නැහැ.හැබැයි කිව යුතුයි මම ක්‍රීඩා කරන්නේ සල්ලි නිසා. කව්රුහරි නිකන් ක්‍රිකට් ගහනවා නම් එක ලොකු දෙයක්.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා ප්‍රකාශ කරන්නේ ක්‍රිකට් කොන්ත්‍රාත්තුවේ ගැටලුව පිළිබඳව ඉදිරියේදී මාලිංග සමග සාකච්චා කරන බවයි.


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කොන්ත්‍රාත්තුව මාලිංග ප්‍රතික්ෂේප කරයි...

වාර්ෂිකව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් වෙත පිරිනමන කොන්ත්‍රාත්තුව අත්සන් කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ සුපිරි වේග පන්දු යවන්නා වන ලසිත් මාලිංග විසින් ප්‍රතික්ෂේප කොට තිබේ.

එයට හේතුව වන්නේ වාර්ෂිකව එම කොන්ත්‍රාත්තුව ඔස්සේ ලැබෙන මුදල් ප්‍රමාණය ඔහුට සෑහීමට පත්වීමට නොහැකි බවයි ඔහු පවසන්නේ.

සාමාන්‍යයෙන් ඉහල ශ්‍රේණිගත කිරීම් කරන ලද ක්‍රිකට් ක්‍රීඩකයෙකුට වසරක කොන්ත්‍රාත් කාලය සඳහා ඇමරිකානු ඩොලර් ලක්ෂයක මුදලක් ලබාදෙනු ලැබුවත් ආබාධ හේතුවෙන් මාලිංග දැනට සහභාගී වන්නේ එක්දින තරඟ හා සීමිත පන්දු තරඟාවලි සඳහා පමණක් වන බැවින් එයින් ඔහුට හිමිවන්නේ 40% ක ප්‍රමාණයකි.

නමුත් ඉන්දියානු ප්‍රිමියර් ලිග් තර්න්ගාවලිය අතරතුරදී මාලිංග උපයන මුදල ඇමරිකානු ඩොලර් මිලියනය ඉක්මවනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කොන්ත්‍රාත්තුව අත්සන් කිරීම ප්‍රතික්ෂේප කළ පළමු ක්‍රීඩකයා ලෙස මාලිංග වාර්තා වන අතර දැනට ඔහු විසින් අත්සන් කොට ඇති 2011/2012 ගිවිසුම මැයි මස 31 වනදායින් අවසන් වීමට නියමිතයි.


අයි.පි.එල් තරඟාවලිය ඇතුලත ලසිත් මාලිංග ආබාධයට ලක්වූ අතර නැවත දිවයිනට පැමිණ සිටින ඔහු ඉදිරි සති කිහිපයතුල අජන්ත වත්තේගම මහතාගෙන් ප්‍රතිකාර ගැනීමට නියමිතයි.

 
Related Posts with Thumbnails