Ads 468x60px

.

හෂිෂ් පාර්සලය ගැනීමට ගිය බ්‍රිතාන්‍යය ජාතිකයාගේ මුහුණ මාධයෙන් වසන් කිරීමට උත්සහ කරලා


බ්‍රිතාන්‍යය ජාතිකයා මෙයට පෙරද මත්ද්‍රව්‍යය භාවිතය සම්බන්ධයෙන් චෝදනා ලැබුවෙක්ලු...


පසුගියදා ප්‍රකට නිලි ඇන්ජෙලා සෙනවිරත්නගේ නමින් ලබුනු පාර්සලයක් ලබාගැනීමට ගිය බ්‍රිතාන්‍යය ජාතික බ්රූටොන් සෝල් මැයි අටවනදා තෙක් රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා තැබීමට අධිකරණය විසින් නියෝග කොට ඇත.

මෙසේ බන්ධනාගාරගත කරනු ලැබුවේ බ‍්‍රටන් සෝල් පිලික්ස් නැමැති විසිතුන් හැවිරිදි අයෙකි.මේ අතර, මොහු සමඟ පැමිණි අනෙක් බි‍්‍රතාන්‍ය ජාතිකයා පැනගිය අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසියට මෙතෙක් හැකි වී නොමැත.


මෙම පාර්සලය ඉන්දියාවේ සිට පැමිණ තිබූ අතර රේගු මත්ද‍්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.
මෙම පාර්සල් තුළ හෂීස් ග‍්‍රෑම් 366 ක් අඩංගුව තිබූ බවත්, එහි වටිනාකම රුපියල් 75,000ක් පමණ යැයිද රේගු මත්ද‍්‍රව්‍ය නාශක අංශය සඳහන් කළේය.



බ්‍රිතාන්‍යය ජාතිකයා පොලිසිය වෙත ප්‍රකාශකොට ඇත්තේ තමන් පදිංචිවී සිටි නිවසට ලිපියක් පැමිණි බවත් ඒ අනුව පාර්සලයක් ගැනීමට ගිය බවත් තමන් මේ කිසිවක් නොදන්නා බවත්ය.මෙම බ්‍රිතාන්‍යය ජාතිකයා මෙයට පෙරද මත්ද්‍රව්‍යය භාවිතය සම්බන්ධයෙන් චෝදනා ලැබුවෙක් බවද වාර්තා වේ.


ඔහු කොළොඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ගෙන ඒමේදී සිය මුහුණ මාධයෙන් වසන් කිරීමට උත්සහ කලත් පසුව එය අත්හැර දමනු ලැබිය.





ඒ අවස්ථාවේ  වීඩියෝව



 
Related Posts with Thumbnails