Ads 468x60px

.

කිසිදාක ඉර එළිය දැකලා නැති අපට දැක ගන්න ලැබුනෙ නැති අමුතුම සතුන් විශේෂයක්


ඇත්තෙන්ම මොවුන් මෙතෙක් අපට දැක ගන්න ලැබුනෙ CC අමුතුම සතුන් විශේෂයක්. හරියට අලෝක වර්ෂ ගණනක් ඈතින් පිහිටි ලෝකයකින් ආ අය වගෙයි. 


ඒත් ඔවුන් මෙසේ කැමරාවට නගා ඇත්තේ අපේ මේ පොළොවේ ඉතා ගැඹුරු සාගර පතුලේදියි. ඔවුන්ගේ පෙනුම හරියට බිහිසුණු සත්වයන් වගෙයි. ඔවුන් කිසිදාක ඉර එළිය දැකලා නෑ. පොළොවෙ ඇති ගැඹුරුම සාගර පත්ලවලයි, මොවුන් ජීවත්වෙන්නෙ.



මේ විස්මිත අලූත්ම පින්තූර පොලිකියේටයන් Polychaetes හෙවත් පත්තෑපණුවන්ගේ. ඔවුන්ගේ සිරුරු පරිණාමය වෙලා තියෙන්නෙ සාගර මතුපිට සිට මීටර 1000කට වැඩි ගැඹුරට යන විට මුහුණ දීමට සිදු වන දරුණු පීඩන තත්වයන්ට ඔරොත්තු දෙන ආකාරයටයි. ඒ තරම් ගැඹුරට හිරු එළියවත් විනිවිද යන්නේ නැහැ.


මේ කලාපයේ දී කෙරෙන සොයා ගැනීම් අපට සමහර විට උපකාර වේවි වෙනත් ග‍්‍රහ ලෝකවල පවත්නා සත්ව ජීවිත ගැන යම් අවබෝධයක් ලබා ගන්න.


අති විශාලනය කළ මේ රූපවලින් පෙනෙන ඔවුන්ගේ කටවල් නොපිට පෙරළිය හැකියි. ඒ ඔවුන්ගේ ගොදුරු අල්ලා ගැනීමට පහසු වෙන විදියටයි. ඒ බව ගැඹුරු සාගර පත්ල ගැන පර්යේෂණය කරන්නන් නිකුත් කළ මේ ඡුායාරුපවලින් පැහැදිලි වෙනවා.


මේ සතුන් හරිම කුඩායි. දිගින් සෙන්ටිමීටර් දෙක තුනකට වඩා නැහැ. ඔවුන් අයත් වන පරිසර පද්ධතිය ගැන මීට අවුරුදු 40කට පෙර, අප යම්තමින්වත් දැන සිටියේ නැහැ.


ඒත් 70 දශකයෙන් පසු සිදු වූ තාක්ෂණයේ දියුණුව නිසයි, අපට අද හැකියාව ලැබිල තියෙන්නෙ, අප මෙතෙක් නොගිය, නුදුටු, ගැඹුරු සාගර පත්ල ගවේෂණය කරමින් එහි වෙසෙන ජීවීන් පිළිබඳව සොයන්නට. ඒ වගේම විද්‍යාඥයන්ටත් දැන් අවස්ථාව ලැබිල තියෙනව ඔවුන් මෙතෙක් දැරූ අදහස් ගැන යළි විමසා බලන්නට.


දැන් ඒ ප‍්‍රදේශ මෙතෙක් සිතා සිටි ආකාරයට ‘ශූෂ්ක මුඩුබිම්’ නොව ජලතාප වා සිදුරු මත හා ඒවා අවට විවිධත්වයෙන් යුතු ජීවීන් වෙසෙන බව ඔවුන් දැන් සොයා ගෙන තියෙනවා.


දුමාර විවරයන් ලෙස හැඳින්වෙන මෙම ජලතාප වා සිදුරු සාගර පත්ලේ, සාමාන්‍යයෙන් භූකම්පන කලාප, යමහල් ආදිය අවට හා භූකාරක තැටිවල දාර අද්දරයි, මේ අමුතු සතුන් ජීවත් වන්නේ. 


මේ ජලතාප වා සිදුරුවලින් නිකුත් වන රත් වූ වාතය නිසා අවට ජලය අධික ලෙස රත්වීමත් ඒ ජලයට මුසු වී ඇති විවිධ රසායනිකත් නිසා මේ පත්තෑපණුවන් වැනි සතුන්ට ජීවත්වීමට සුදුසු පරිසරයක් සැකසිලා තියෙනවා.


මේ හා සමාන ජලතාප වා සිදුරු බ‍්‍රහස්පතීගේ චන්ද්‍රයකු වූ යුරෝපාවල දක්නට නැතැයි විශ්වාස කරන විද්‍යාඥයන් මෙවැනි ඒවා බොහෝ කලට පෙර අඟහරු ග‍්‍රහයා මත පවතින්නට ඇතැයි අනුමාන කරනවා.


සමහර විට ගැඹුරු සාගර පත්ලේ තවත් ගැඹුරට ගවේශනය කරන විට මීටත් වඩා අසාමාන්‍ය දේ සොයා ගත හැකි වේවි.


පත්තෑපණුවන් ජලතාප වා සිදුරු අවට බඩගාමින් ඔවුන්ගේ බියකරු සේ පෙනෙන දත්වලින් ඒ අවට රත් වූ රසායනික මුසු ජලයේ වෙසෙන බැක්ටීරියා හා වෙනත් සරල ජීවීන් ආහාරයට ගන්නවා.


ජලතාප වා සිදුරු අවට සත්ව ප‍්‍රජාවට ශක්තිය ලැබෙන්නේ එතරම් ගැඹුරට හිරු එළිය නො යන නිසා ප‍්‍රභාසංස්ලේශනයෙන් නොව එහි මුසු වී ඇති රසායනවලින්.


මෙය අරුම පුදුම සබඳතාවක් ගොඩ නැඟුමකට මග පාදනවා. පත්තෑපණුවන් සහජීවී බැක්ටීරියාවක සත්කාරකයා බවට පත් වෙමින් ඔවුන්ගෙන්ම තමන්ගේ පෝෂණයත් සරිකර ගන්නවා.


සමහර විද්‍යාඥයන් විශ්වාස කරන්නේ ඔවුන් මේ බැක්ටීරියාවලට වැවෙන්නට ඉඩ හරින බවයි.


මේ සාගර ගවේෂණයට මුල් වූ ඉල්ෆේ‍්‍රමර්හී ප‍්‍රංශ පර්යේෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂක ඩෙබ්රූයෙරේ මවිත වෙනවා මේ තරම් දරුණු පරිසරයක ජීවත්වීමට මොවුන්ට හැකියාව තිබීම ගැන. ඔහු කියන්නේ, ”මෑතදී සොයා ගත් ජලතාප වා සිදුරු නිසා සමස්ත සාගර ජීවීන් පිළිබඳ මෙතෙක් අප දැරූ මත මුලූමනින් ම වෙනස් වුණා.” කියායි.


”ගැඹුරු මුහුදේ සත්ව ලෝකය පෘථිවියේ ඉතාමත් විවිධ ජීවන පරිසරයක් ඇති තැනක් බව දැන් අපට පැහැදිලියි. ඒත් මේ පිළිබඳව අපට ඇති දැනුම තවමත් අල්පයි” ඔහු වැඩිදුරටත් කියනවා.

කිසිදා හිරු එළිය නුදුටු අමුතු සතුන්




 
Related Posts with Thumbnails