Ads 468x60px

.

හිරුණිකා අධිකරණය ඉදිරියේ දඬුවම් ඉල්ලා පොල් ගහයි

පියාගේ ඝාතකයන්ට නිසි දඬුවම් ලැබෙන තෙක් තම උත්සාහය අත් අරින්නේ නෑ...හිරුණිකා දිව්රයි

තම පියා වන හිටපු පාර්ලිමෙන්තු මන්තී‍්‍ර භාරත ලක්‍ෂමන් පේ‍්‍රමචන්‍ද්‍ර ඝාතනය කිරීමේ සිද්ධියේ ප‍්‍රධාන සැකකරුවන පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්වා අත්අඩංගුවට ගැනීම දෙවියන්ගෙන් වරෙන්තුවක් ලැබෙනතුරු කළ නොහැක්කක්වී ඇතැයි හිරුණිකා පේ‍්‍රමචන්‍ද‍්‍ර මෙනවිය කියයි. 

ඇය මේබව කියා සිටියේ භාරත ලක්‍ෂමන් පේ‍්‍රමචන්‍ද්‍ර ඇතුළු සිවුදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද (24) පැවැති නඩු විභාගය අවසන්ව අළුත්කඬේ අධිකරණ සංකීර්ණයෙන් පිටතට පැමිණ රැස්ව සිටි මාධ්‍යවේදීන් අමතමිනි.


රහස් පොලසිය දුමින්ද අත්අඩංගුවට නොගන්නා බව දැන් පැහැදිළි බවත් ඇය කීවාය.තමා අධිකරණයට අපහාස නොකර බවත් පැවසූ හිරුණිකා, කෙසේවුවද තමා පියාගේ ඝාතකයන්ට නිසි දඬුවම් ලැබෙන තෙක් තම උත්සාහය අත්නොහරින බවටද සපථ වූවාය.

භාරතගේ ඝාතනයට සම්බන්ධ වූවන් හා හවුල් කාරයින්ට දඬුවම් ලැබේවායැයි ප‍්‍රාර්ථනා කරමින් අද (24) අධිකරණය ඉදිරියේ පොල් ගසා පලිගැසීමේ කටයුත්තක්ද හිරුණිකාගේ ප‍්‍රධානත්වයෙන් පැවැතිණි.

හිරුණිකාට ඇති තර්ජන සොයන්න පොලිස්පතිට නියෝග..

භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද‍්‍ර මහතාගේ දියණිය වන හිරුණිකා පේ‍්‍රමචන්‍ද‍්‍ර මෙනවියට මරණ තර්ජන ඇත්දැයි සොයාබලා වහාම වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස පොලිස්පතිවරයාට කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න අල්විස් මහතා අද (24) නියෝග කළේය.

හිරුණිකාට මරණ තර්ජන ඇති බවට සතිඅන්ත පුවත් පතක් ප‍්‍රකාශකර ඇති බව ජේ්‍යෂඨ නීතීඥ ටිරන්නත වරලියද්ද මහතා භාරත ඇතුළු සිව්දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයේ අද (24) පැවැති නඩු විභාගයේදී අධිකරණයට දැන්වීමෙන් පසුව මෙම නියෝගය කළේය.

මෙම නඩුවේ සාක්‍ෂිකාරියක් වන හිරුණිකාට මරණ තර්ක්‍න ඇත්නම් ඊට වගකිවයුතු වන්නේ අදිකරණය බවද වරලියද්ද මහතා අධිකරණයට දැන්වීය.


කොළඹ අලුත්කඩේ අධිකරණය ඉදිරිපිට භාරත ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඥතීන් හා හිතවතුන් පොල්ගසා විරෝධය පළ කළ අයුරු හා එම ඝාතනයේ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නැවත බන්ධනාගාරයට රැගෙන යන අයුරු.

 
Related Posts with Thumbnails