Ads 468x60px

.

රුපියල් ලක්ෂ දහය බැගින් වූ සහතික ඇප දෙකක් ගෙවා මුබාරක් එලියට

මියගිය අයගේ ඥාතීන්ට රුපියල් ලක්ෂ 6ක්
තුවාල ලැබූ උදයකුමාරට රුපියල් ලක්ෂ 4ක් 

හලාවත – කොළඹ ප‍‍්‍රධාන මාර්ගයේ මයික්කුලම ප‍‍්‍රදේශයේ දී සිදු වූ මාරක රිය අනතුරෙන් අත්අඩංගුවට ගෙන සිටි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයකු වන මුබාරක් මහතා රුපියල් ලක්ෂ දහය බැගින් වූ සහතික ඇප දෙකක් මත මුදාහැරීන.


එසේම සෑම ඉරුදිනකම පෙරවරු 9-12 අතර කාලය තුළදී හලාවත පොලිසියට වාර්තා කිරීමටද ඔහුට නියම කෙරිණි. ඩිෆෙන්ඩර් රථයක් හා යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් පෙරේදා (22) මෙම රිය අනතුර සිදුව තිබිණි.

අනතුරෙන් දුම්මලසූරිය – වතුවත්තේ පදිංචි ප‍්‍රදීප් කුමාර නැමැත්තෙකු මිය ගියාය.අනතුරෙන් මියගිය අයගේ ඥාතීන්ට රුපියල් ලක්ෂ 6ක වන්දි මුදලක්ද හා අනතුරෙන් තුවාල ලැබූ වතුවත්ත පදිංචි එම්.පී මාකස් උදයකුමාර යන අයගේ පාර්ශවයට මුදලින් රුපියල් ලක්ෂ 4ක මුදලක්ද මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළේය.

මරණකරු වෙනුවෙන් සහ තුවාලකරු වෙනුවෙන් ගෙවිය යුතු ඉතිරි වන්දි මුදල ඉදිරි නඩු දිනයේදී ගෙවීමටද ඔහු එකඟ විය.ජෙහාන් මුබාරක් මහතාගේ විදේශ ගමන් බලපත‍්‍රයද අධිකරණයට බාර දෙන ලෙසට නියෝග කළ මහේස්ත‍්‍රාත්වරයා මෙම නඩුව ලබන මැයි 4 වැනිදා යළි කැඳවීමට නියම කළේය.

 
Related Posts with Thumbnails