Ads 468x60px

.

පිහිනුම් සමාජය හදුන්වාදීමේ උත්සවය උපන් ඇදුමෙන්

නිරුවතින් පිහිනීමේ ගිනස් වාර්තාවක්...
මංගල රැස්වීම ඉතාමත් උද්යෝගයෙන්...

අළුතෙන් පිහිටවූ පිහිනුම් සමාජයක සාමාජික සාමාජිකාවන් පිරිසක් විසින් තම පිහිනුම් සමාජය හදුන්වාදීමේ උත්සවය උපන් ඇදුමෙන් සිදුකල බව එංගලන්තයෙන් වාර්තා වේ. 

 
එංගලන්තයේ ඔක්ස්ෆර්ඞ්ෂයර් හි ජලාශයක ඉතාමත් රහසිගතව පැවති මෙම මෙම පිහිනුම් සමාජයේ ආරම්භක අවස්ථාවට පිහිනුම් සමාජයේ සාමාජික සාමජිකාවන් විශාල පිරිසක් සහභාගී වී සිටි අතර ඔවුන් සියළු දෙනාම නිරුවතින් ජලාශයට පැන තම පිහිනුම් සමාජයේ මංගල රැස්වීම ඉතාමත් උද්යෝගයෙන් යුක්තව සමරා ඇත.

එංගලන්තයේ වසන්ත උත්සව සමයට(Summer Festival) සමගාමීව පැවති මෙම සුවිශේෂී පිහිනුම් ඉසව්ව මගින් තමන් ලොව වැඩිම පිරිසකගේ සහභාගීත්වයෙන් නිරුවතින් පිහිනීමේ ගිනස් වාර්තාව පිහිටුවීමට අදහස් කරන බව නිරුවත් පිහිනුම් සමාජයේ සාමාජිකයෝ පවසති.
 
Related Posts with Thumbnails