Ads 468x60px

.

ගූගල් අර්ත් සොයාගත් ලොව විශාලතම පිරමීඩය

පිරමීඩම යැයි තහවුරු කරගැනීමට ක්ශේත්‍ර චාරිකාවකින් කරන නිරීක්ෂණ අත්‍යාවශ්‍යයි....

උතුරු කැරොලිනාවේ පුරා විද්‍යා පර්යේෂක වරියක් වන ඇන්ජලා මයිකල් විසින් Google Earth ඔස්සේ වසර 10 ක් පමණ තම පරීක්ෂණ කටයුතු මෙහෙයවමින් චන්ද්‍රිකා මඟින් ලබාගත් ඡායාරූප 5,000 ක් පමණ අධ්‍යනය කිරීමෙන් ඊජිප්තුවේ තවත් පිරමීඩ තිබූ තැන් යැයි සිතිය හැකි ස්ථාන 2ක් හඳුනාගෙන තිබෙනවා.


නයිල් නිම්නය ඔස්සේ එකිනෙකට සැතපුම් 90ක් දුරින් අසාමාන්‍ය හැඩැති ගොඩැලි මේ අනුව හඳුනාගෙන තිබෙනවා. මෙහි විශාලම ගොඩැල්ල අඩි 620 ක් පළල වන අතර එය ගීසා පිරමීඩයේ පළල මෙන් තුන් ගුණයක්.

නයිල් නිම්නය ඔස්සේ ඉහල ඊජිප්තුවේ අබු සිදුම් නගරයේ සිට සැතපුම් 12ක් දුරින් පළමු ගෙපොල පිහිටා ඇති අතර මෙම සානුවෙහි පිරමීඩ තුනක් ලෙස සිතිය හැකි නෂ්ටාවශේෂ හමු උවහොත් එය නිසැක වශයෙන්ම ලොව මෙතෙක් සොයාගත් විශාලතම පිරමීඩය බව ද සැලකෙනවා.

"මේ පින්තූර විශාල කර නිරීක්ෂණය කළා. එහිදී දැකගන්නට ලැබුනේ මෙම ගොඩැල්ලේ මුදුන ඉතාමත් සමතලා ස්වරූපයක් ගන්නා බවත් එහි පාදම විශ්මයජනක ලෙස සමමිතික වූ ත්‍රිකෝණාකාර හැඩයක් ගන්නා බවත්. එය කාලයත් සමඟ ප්‍රභල ලෙස ඛාදනයට ලක් වී ඇති බවයි මගේ හැඟීම" යයි ඇන්ජලා මයිකල් මෙනෙවිය ප්‍රකාශ කර තිබෙනවා.
දෙවෙනි ගෙපල චතුරශ්‍රාකාර හැඩයක් ගන්නා බවයි ඇය පෙන්වා දෙන්නේ. එහි පළල අඩි 140 ක් වන අතර එය පළමු ගොඩැල්ලට සැතපුම් 90 ක් උතුරින් පිහිටා තිබෙනවා.

"එය පැහැදිලිවම චතුරශ්‍රයක මෙන් මධ්‍ය ස්ථානයක් සහිතයි. එය මෙම ප්‍රමාණයේ ගොඩැල්ලක දැකිය හැකි අසාමාන්‍ය ලක්ෂණයක්. මේ දෙස ඉහලින් බලන විට පෙනෙන්නේ පිරමීඩයක් ලෙසයි" යනුවෙන් මෙම දෙවන ස්ථානය ගැන ඇය පවසනවා.

"පිරමිඩ ගෙපලක තිබිය යුතු දේ සියල්ලම මෙම පින්තූර වලින් පැහැදිලිවම දැක්වෙනවා. නමුත් පිරමීඩම යැයි තහවුරු කරගැනීමට ක්ශේත්‍ර චාරිකාවකින් කරන නිරීක්ෂණ අත්‍යාවශ්‍යයි" ලෙස ඇය මේ පිළිබඳව වැඩි දුරටත් කියා සිටියා.

ගිසාහි පිරමිඩය මෙන් තුන් ගුණයක් විශාල අබු සිදුම් හි ගොඩැල්ල.









දැනට සොයාගෙන ඇති සියළුම පිරමීඩ කයිරෝ නගරය අවට පිහිටා ඇති බැවින් මෙම ස්ථාන දෙක ද ඉතාමත් වැදගත් බවයි ඇය පවසන්නේ.

Google Earth වලට ස්තුතිවන්ත වන්නට මෙය පළමු පුරාවිද්‍යාත්මක ජයග්‍රහණය නොවන බවත් පසුගිය වසරේ ද Google Earth උපයෝගී කරගනිමින් ඊජිප්තු පුරාවිද්‍යා පර්යේෂක වරියක් වන ආචාර්ය සාරා පාකක් විසින් ද නෂ්ට වූ පිරමීඩ 17 ක් සොයා ගත් බවත් පැවසෙනවා.

ඊජිප්තුවේ ක්ෂේත්‍ර චාරිකාවකින් මේවා පිරමීඩ දැයි තහවුරු කරගැනීමට බලාපොරොත්තුවෙන් සිටින මෙම පර්යේෂකවරිය මේ වන විට ‍යුක්ටාන් අර්ධද්වීපයේ ජලයෙන් යට වී ඇතැයි සිතිය හැකි නගර හඳුනා ගැනීමට ද වැඩසටහනක් දියත් කර තිබෙනවා.

ඊජිප්තු පිරමීඩ ගැන තවත් තොරතුරු-

1. මෙම පිරමීඩ ප්‍රථම වරට ඉදි කර ඇත්තේ ක්‍රි,පූ.28 වන සියවසේ දී පාරාවෝ වරුන් විසින්. ජනප්‍රිය සියළුම පිරමිඩ පිහිටා තිබෙන්නේ කයිරෝ නගරය ආසන්නයේ ගීසා වලයි.

2. ඉතා විශාල පරිමාණයන්ගෙන් යුත් අලන්කාර ලෙස නිමවා ඇති මෙම පිරමීඩ ඉදි කර අවසන් කිරීම සඳහා සේවකයින් ලක්ෂ ගණනක් වසර ගණනාවක් තිස්සේ යොදවා තිබෙනවා.

3. පළමු ශෛලමය පිරමීඩය ක්‍රි.පූ.2700 දී ගිසා හි දකුණු පෙදෙසේ සක්කාරා හි ඉදිකර තිබෙන අතර පෙර ඉදි වූ පිරමීඩ වලට වඩා උසස් තත්වයෙන් නිමවා තිබෙනවා.

4. මෙතක් සොයාගෙන ඇති විශාලතම පිරමීඩය වන ගීසා පිරමීඩය ඉදිකර ඇත්තේ ක්‍රි.පූ. 2600 දී. මෙය මීටර් 147 ක් උසින් යුතු වන අතර බරින් ටොන් 6,500,000 ක් ලෙස ගණන් බලා තිබෙනවා.

5. ක්‍රි.පූ. 2575-2150 අතර කාලය පිරමීඩ ඉදිකිරීමේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙන අතර මේ කාලයේ දී පිරමීඩ සිය ගණනින් ඉදි වී ඇති බවයි පැවසෙන්නේ.
ගීසා හි විශාලතම පිරමීඩය

 
Related Posts with Thumbnails