Ads 468x60px

.

අවසර නැතිව බෞද්ධ ප‍්‍රකාශණ තහනම්

බෞද්ධ ප‍්‍රකාශණයක් නිකුත් කිරීමට පෙර නියාමන මණ්ඩලයකින් අනුමැතිය ලබා ගැනීම අනිවාර්යයිලු..

ඉදිරියේදී ප‍්‍රකාශයට පත් කෙරෙන සියළු බෞද්ධ ප‍්‍රකාශණ නියාමන ක‍්‍රමවේදයකට යටත් කිරීමට රජය තීරණය කර තිබේ.

මේ සඳහා අවශ්‍ය ප‍්‍රතිපාදන සැලැස්වීමට මේ වන විට අමාත්‍ය මණ්ඩල පත‍්‍රිකාවක්ද ඉදිරිපත් කර ඇති අතර එය සම්මක වූ පසු කිසියම් බෞද්ධ ප‍්‍රකාශණයක් නිකුත් කිරීමට පෙර නියාමන මණ්ඩලයකින් අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය කෙරේ. 


බෞද්ධ දර්ශණයේ අදහස් ලෙස ප‍්‍රකාශයට පත් කෙරෙන ඇතැම් ලිපි ලේඛණ තුල බෞද්ධ දර්ශණයට පටහැනි මිසදිටු අදහස් අන්තර්ගත බවට මහනාහිමිවරුන් ප‍්‍රමුඛ බෞද්ධ ප‍්‍රභූන් රැසක්ම රජයට ඉදිරිපත් කර තිබූ කරුණු සැලකිල්ලට ගෙන මෙම තීරණයට එළැඹ තිබේ.

මේ තීරණයෙන් පසු සිදු විය හැක්කේ කුමක්ද ?

1) පොතක් ලිපියක් පල කරවා ගැනීම සඳහා පිරිකර අරගෙන යාමට කතුවරුන්ට සිදුවීම

2) නියාමන මණ්ඩලයට පොත් පොත් ප්‍රකාශකයෝ පගාව දීම 

3) නියාමන  මණ්ඩලයට සතර අගතියෙන් තොරව ධර්ම දැනුම ඇති පඬිවරු ලංකාවේ නැති නිසා පිටරටකින් ගෙන්වීමට සිදුවීම

4) පරාජිකා වූ පන්දමුන් මේ නියාමන  මණ්ඩලයට පැන ගැනීම

5) බෞද්ධ පොත් පළ කිරීමට මහින්ද රාජපක්ෂ, රත්නසිරි වික්‍රමනායක , ගම්පොල සියා , පබා, අනර්කලී , ගීතා කුමාරසිංහ වැනි අයගෙන් ලියුම් අරගෙන යාමට කතුවරුන්ට සිදුවීම

6) අනවසර පොත් (හිට්ලර් පොත්  පිලිස්සුවා සේ ) පිලිස්සීමට රතනලා පෙරට ඒම

7) අනවසර  බෞද්ධ පොත් පළ කරන්නන් (මාධ්‍ය කාලිනයේ පල්ලිය) කලාක් මෙන්  ශාරීරිකව ඝාතනය කිරීම

8) මුස්ලිම් රටවල කෙරෙන්නාක් මෙන් ෆාත්වා මරණ දඬුවම අනවසර  බෞද්ධ පොත් පළ කරන්නන්ට නියම කිරීම

9)  පොලිසියට යකඩ හොරු, කුඩු වෙළෙන්දන් , අතහැර අනවසර  බෞද්ධ පොත් පළ කරන්නන් පසු පස මැරතන් දිවීමට සිදු වීම

10)  අනවසර  බෞද්ධ පොත් පළ කොට ආණ්ඩුව පස්සෙන් පන්නන විට ලංකාවේ ආගමික නිදහස නැති බව කියමින් බටහිර රටවල  එසයිලම් ලබා ගැනීම සඳහා සාක්ෂරතාව තියන ඇත්තන් යොමු වීම.

 - අමිල ගුණරත්න
 
Related Posts with Thumbnails