Ads 468x60px

.

සුරංගිගේ ෆේස්බුක් එක කවුරුහරි හොරෙන් අප්ඬේට් කරනවලු

මම මගේ ෆේස්බුක් එකට දැන් අවුරුද්දකින් විතර ගිහිල්ල නැහැ...
කවුරුහරි ඒක මට හොරෙන් අප්ඬේට් කරනව...

ජනපි‍‍්‍රය නිවේදිකාවක් වන සුරංගි කොඩිතුවක්කුගේ ෆේස්බුක් ගිණුම හැකරුන්ගේ ප‍‍්‍රහාරයකට ලක්වී ඇතැයි ඇය පවසන්නීය.

මේවන විට ඇය විදෙස්ගතව සිටින බවත්, එහිදී හමුවූ සිය මිතුරියක් ඇයව තමාගේ ෆේස්බුක් ගිණුමට එක්කර ගැනීම ගැන තුති පිදීමෙන් පසුව තමාගේ ‌ෆේස්බුක් ගිණුමට කවුරුන්හෝ හොරෙන් ඇතුළුවී ඇති බව අවබෝධවූ බවද ඇය පැවසුවාය.

වැඩිදුරටත් මේ සම්බන්ධයෙන් ඇය මෙසේ කියා සිටියාය.

"මම මගේ ෆේස්බුක් එකට දැන් අවුරුද්දකින් විතර ගිහිල්ල නැහැ. ඒකෙ පාස්වර්ඞ් එක වැරදියි කියල නිසා මම ඒකට යන එක අත්ඇරිය. කොහොම වුණත් කවුරුහරි ඒක මට හොරෙන් අප්ඬේට් කරනව කියල තේරුණේ මගේ මිතුරියක් කියපු කාරණාවක් නිසයි."

"කොහොම වුණත් මම ෆේස්බුක් එකට යන එක අත්තරිනකොට ඒකෙ හිටියේ ෆ්රෙන්ඞ්ස්ලා දාහයි. දැන් පන්දාහක් ඉන්නවා."

කවුරු වුණත් ඒ කරන වැඬේ වැරදියි. මම දැකල තියෙනව මගේ පිංතූරයට වෙන අයගෙ නම් යොදපු ෆේස්බුක් එකවුන්ට්ස්. ඒ ගැන නම් මම එච්චර හිතන්නේ නැහැ. කොහොම වුණත් මගේ නමට පවත්වාගෙන යන ඒ ෆේස්බුක් ගිණුමට මම කියල හිතාගෙන අහුවෙන්න එපා කියල මම මට ආදරය කරන රසික රසිකාවියන්ගෙන් ඉල්ලනවා.
 
Related Posts with Thumbnails