Ads 468x60px

.

විදුලිය ලබාගැනීමට විරෝධතාවයක් හේතුවෙන්, පැය 48කට පසු අම්පාරට විදුලිය

ඊයේ දිනයේ දිවා කාලයෙන් පැය 6කට වඩා විදුලිය නෑ...

ළදරු ඒකකයේ බිළිදුන්ගේ ජීවිත දැඩි අවදානමකට...

විදුලිය ලබාගැනීමට අම්පාරේ උද්ඝෝෂණක්...


පුරා පැය 48ක් විසන්ධිව තිබු අම්පාර නගරයේ විදුලි බලය අද උදැසන වනවිට ලබා දී තිබුණා. එම විදුලිය කැපීම නිසා අම්පාර රෝහලේ නොමේරු ළදරු ඒකකයේ බිළිදුන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක්වී තිබූ බවයි එහි වෛද්‍යවරයා පවසන්නේ.


ඊයේ සවස අම්පාර රෝහලේ කාර්ය මණ්ඩලය, නගරයේ ව්‍යාපාරික ප්‍රජාව සහ ජනතාව විදුලිබල මණ්ඩයල ඉදිරි පිට දැක් වූ විරෝධතාවය මේ විදුලි බලය ලබා දීමට ඉවහල් වී තිබෙනවා.

මේ අතර ඊයේ දිවයිනේ ඇතැම් නගර වලට උදෑසන 8.30 සිට 10.45 දක්වා කාලයට අමතරව සවස 1.20 සිට 5.10 දක්වා පැය 4ක් පමණ ද විදුලිය කපා තිබෙනවා. ඔවුන් පවසන්නේ ඊයේ දිනයේ දිවා කාලයෙන් පැය 6කට වඩා විදුලිය නොලැබුණු බවයි.


දිවයිනේ නගර 78 ක් හා ඒ ආශ්‍රිත ගම්මානවලට අද සිට පැය 3යි මිනිත්තු 20ක කාලයක් විදුලි සැපයුම අත්හිටුවීමට සිදුවන බව විදුලිබල අමාත්‍යංශය පවසනවා. විදුලිය ලබාගැනීමට අම්පාරේ කළ උද්ඝෝෂණයේ ජායාරූප පහතින්.

















 
Related Posts with Thumbnails