Ads 468x60px

.

රූමත් තරුණියක් ක්ලියෝපැට්රා රාත‍‍්‍රී සමාජ ශාලාවට නයෙක් අරගෙන ඇවිත්...

පොලිසියට රථයක් නොමැති වීම හේතුවෙන් ඊයේ රාත‍‍්‍රී සිට අද උදෑසන වනතෙක් තරුණිය සමාජ ශාලාවේ...

කොල්ලූ‍පිටියේ ක්ලියෝපැට්රා රාත‍‍්‍රී සමාජ ශාලාවට නයෙකු ගෙන ආ රූමත් තරුණියක් කොල්ලූ‍පිටිය පොලිසිය විසින් අත්අඩංගුවට අරන් තියෙනවා.

ඇය මෙම නයාව ගෙනවිත් ඇත්තේ නැටුම් දර්ශ
නයක නියැළීමට බවද පොලිසිය කල මූලික පරීක්ෂණවලදී හෙළිවී තියෙනවා.මෙම තරුණිය විසින් නයාව රුපියල් 30,000 කට
ගාලූ‍ මුවදොර පිටියේදී මිලදීගෙන ඇති බවද පොලිසිය විසින් සිදුකළ මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තියෙනවා.

එම රාත‍‍්‍රී සමාජ ශාලාවට පැමිණි අමුත්තකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.කෙසේවුවද ඊයේ (27) රාත‍‍්‍රී සිට අද උදෑසන වනතෙක් තරුණිය සමාජ ශාලාවේ රඳවා තබා ගෙන තිබේ.

ඒ තරුණිය සහ මෙම නයාව ගෙන යාමට පොලිසියට අවශ්‍ය මෝටර් රථයක් නොමැති වීම හේතුවෙන් බවද සඳහන්ය. අද (28) පෙරවරුවේ ලොරි රථයක් ගෙනවිත් නයාව සහ තරුණියව රැගෙන ගිය බවද වාර්තා වේ.
 
Related Posts with Thumbnails