Ads 468x60px

.

හිරු TV නිවුස් වලින් දිගින් දිගටම කන්තලේ හා මාතලේ පටලපු හැටි...

"පැත්ත ගියත් ඇත්ත කියන" යන්න, ඔවුන්ගේ පාඨය වුවද පුන පුනා එම වැරදි පුවත විකාශය කරලා...

ඊයේ හිරු TV නිවුස් වලින් දිගින් දිගටම වාර්තා කළේ "කපිලවස්‌තු සර්වඥ ධාතූන්වහන්සේ මාතලේට වැඩමකෙරේ" යනුවෙනි.

එහෙත් පසුගිය 19 වනදා ලංකාවට වැඩම කරන ලද කපිලවස්‌තු ශ්‍රී සර්වඥ ධාතූන්වහන්සේ බොහෝ අවස්ථා වලදී රැගෙන ගියේ
නාමල් රාජපක්ෂ මහතා විසිනි.

ධාතු ප්‍රදර්ශනය ආරම්භ කළ කැළණිය මානෙල්වත්ත විහාරයෙන් පසුව පැල්මඩුල්ල කරා රැගෙන ගියේ
නාමල් රාජපක්ෂ විසිනි.ඊයේ උදෑසන අනුරාධපුර සිට ගුවන් මගින් කන්තලේ වේළුවන රජමහා විහාරය වෙත වැඩමවූ අතර එම වැඩමවීම කළේද නාමල් රාජපක්ෂ විසිනි.


නමුත් මෙම පුවත ඊයේ හිරු TV නිවුස් වලින් දිගින් දිගටම වාර්තා කළේ "කපිලවස්‌තු සර්වඥ ධාතූන්වහන්සේ මාතලේට වැඩමකෙරේ" යනුවෙනි. කන්තලේ හා මාතලේ ඔවුන්ට වැරදී තිබුණි.

"පැත්ත ගියත් ඇත්ත කියන" යන්න ඔවුන්ගේ පාඨය වුවද පුන පුනා පුරා පැය භාගයකට අසන්න කාලයක් ඔවුන් වරින් වර එම වැරදි පුවත ප්‍රදර්ශනය කලේ පහත පරිදිය.
 

කැළණිය මානෙල්වත්ත විහාරයෙන් ගුවන් මඟින් සර්වඥ ධාතූන් වහන්සේ පැල්මඩුල්ල රජමහා විහාරස්ථානයට රැගෙන ගිය මන්ත්‍රී නාමල් රාජපක්ෂ

අනුරාධපුර සිට කන්තලේ අග්‍රබෝධි වේළුවන රජමහා විහාරය වෙත ඊයේ කපිලවස්තුපුර සර්වඥ ධාතුන්වහන්සේ රැගෙන ගිය මන්ත්‍රී නාමල් රාජපක්ෂ




සර්වඥ ධාතූන් වහන්සේ වන්දනාමාන කළ හැකි ස්ථාන


 
Related Posts with Thumbnails