Ads 468x60px

.

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර පිටවුනේ මෙන්න මෙහෙමයි...

පරීක‍ෂණ පවත්වන්නට සී.අයි.ඩි.යට...

විභාග දෙපාර්තමේන්තුව විසින් නිමා වූ 5 වසර ශිෂ්‍යත්ව විභාගයද අනාගෙන ඇත. මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රද කලින් පිටව තිබේ යැයි මේ වන විට දිවයිනේ බොහෝ ප්‍රදේශ වලින් වාර්තා ලැබී ඇත. 

අද මාධ්‍ය හමුවක් පවත්වමින් අධ්‍යාපන සේවා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා ද පවසා සිටියේ ප්‍රශ්න පත්‍ර කලින් පිටවූ බවට තම සංගමයටද තොරතුරු විශාල ප්‍රමාණයක් ලැබී ඇති බවයි. 

එම නිසා මෙවර ශිෂ්‍යත්ව විභාගය අවලංගු කර යළිත් පවත්වන්නැයි විභාග දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින බවද ඔහු පැවසීය. අලූයම් කාලයේදී හෝ රාත්‍රියේ
ප්‍රශ්න පත්‍ර පිටව ඇති බැවින් ශිෂ්‍යයන්ට මහත් අසාධාරණයක් සිදුව ඇතැයි ද හේ පැවසීය.

වැඩි දුරටත් අදහස් දැක්වූ ජයසිංහ මහතා…

“විභාගය පැවැති අගෝ. 26 වැනි දිනට පෙර දින දහවල් සහ රාත්‍රියේ දෙබරවැව පෞද්ගලික උපකාරක පංතියක දී, පදවිය රුවන්පුර ප්‍රදේශයේ, රඹුක්කන නගරයේදී, අනුරාධපුර තුනේ පියවර ප්‍රදේශයේ සහ පොල්ගහවෙල නගරය යන ප්‍රදේශවල දී ප්‍රශ්න පත්‍රයේ (විශේෂයෙන් ම දෙවන පත්‍රයේ) තිබුණු ප්‍රශ්න දෙමවිපියන්ට සහ දරුවන්ට ලබා දී තිඛෙනවා.

එමෙන් ම විභාගය පැවැති දින එනම් 2012.08.26 වැනි දින ප්‍රශ්න පත්‍රය අවසන් වී ලැඛෙන විවේක කාලයේ දී (පෙ.ව.10.15 – පෙ.ව.10.45 දක්වා) යක්කල අනුර ම.වි, කැලණිය ධර්මාලෝක විද්‍යාලය, ගම්පහ ශ්‍රිබෝධි විද්‍යාලය, අනුරාධපුර ඇලගාපත්තුව මහා විද්‍යාලය, කැලණිය ගුරුකුල විද්‍යාලය , කන්තලේ බණ්ඩාරනායක විද්‍යාලය යන ස්ථානවල දී ළමුන් විභාග මධ්‍යස්ථානවලින් පිටතට ගෙන ප්‍රශ්න පත්‍ර ලබා දී තිඛෙනවා.”

මේවා වාර්තා වී ඇති තොරතුරු පමණක් වන අතර රටපුරා පැතිරී යන තොරතුරු අනුව මීට වඩා විශාල ලෙස මෙම ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර සාකච්ජා වී ඇති බවට තහවුරු වන බවත් මේ මගින් විභාග දෙපාර්තමේන්තුව පවත්වන විභාග පිළිබදව රට තුළ මෙතෙක් තිබූ ගෞරවය හා විශ්වාසය බිදවැටීමට ලක්කර ඇති බව ද පැවසූ ඔහු ජනතාව තුළ යළි විශ්වාසය ගොඩ නැගීමට නම් වහා ම මෙම විභාගය අවලංගු කර ඒ බව ප්‍රායෝගික භාවිතයෙන් පෙන්විය යුතු යැයි කීය.

විභාග කොමසාරිස් ඩබ්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර පවසන්නේ ඔහුට ලැබී ඇති පැමිණිලි අනුව ප්‍රශ්න පත්‍ර පිටවීම ගැන පරීක‍ෂණ පවත්වන්නට සීඅයිඩියට බාර දෙන බවයි.

සවස 3 ට පොලිසිය විසින් නිකුත් කළ නිවේදනයකින් කියැවුනේ මෙවර ශිෂ්‍යත්ව විභාගයේදි යක්කල ප්‍රදේශයේ විද්‍යාලයක හා ලංකාවේ තවත් ප්‍රදේශ වල එම ප්‍රශ්න පත්‍ර විභාග පැවැත්වීමට පෙර පිටවී ඇති බවට සමහර පුවත්පත් මගින් හා දුරකථන ඇමතුම් මගින් විභාග කොමසාරිස් ජෙනරාල් වෙත වාර්තා වූ බැවින් ඒ සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත්වීම සඳහා පොලිස්පති වෙත ලිපියක් මගින් අද දන්වා එවා ඇතැයිද ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීම සඳහා පොලිස්පති විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇතැයිද කියා ය.
 
Related Posts with Thumbnails