Ads 468x60px

.

හඳුනා නොගත් කූඹි විශේෂයක්‌ මාතර කොටවිල ප්‍රදේශය කළඹයි

පොල් ගහකට වත් නැගගන්න බැහැ....
මේ විදියට ගියොත් නිවාස අතහැරලා යන්න වෙනවා...

මාතර කොටවිල ප්‍රදේශයේ මේ වන විටත් පැතීරී යන හඳුනා නොගත් කූඹි විශේෂයක්‌ හේතුවෙන් එම ප්‍රදේශයේ ජන ජීවිතයට ඉමහත් තර්ජනයක්‌ වී ඇත. 

කූඹින් හා සමාන මෙම සත්ව විශේෂය මෙයට පෙර කිසි දිනක දැක නැති බවට පවසන ප්‍රදේශවාසීන් මෙම කූඹින් කෑ විට ඉතා විෂ සහිත වේදනාත්මක තත්ත්වයකට පත්වන බව ද ප්‍රදේශවාසීහු පවසති. ප්‍රදේශයෙහි බොහෝ වගාවන්හි ඵලදාව ආරම්භක අවස්‌ථාවේ දීම විනාශ කර දමන මෙම සතුන් නිසා ගසකට ගොඩවීමටත් නොහැකි තත්ත්වයක්‌ උදාවී ඇතැයි පැවැසේ.

ඉතා සුළු වශයෙන් ගැවසීම ආරම්භ කළ මෙම සත්ව විශේෂය මේ වන විට ඉතා වේගයෙන් කොටවිල ප්‍රදේශය පුරාම ව්‍යාප්ත වී ඇත. මෙම සත්ත්ව විශේෂ ගස්‌වල බෙනයක්‌ ආකාරයට කූඩු තනා තිබෙනු දැකිය හැකි අතර මේ වන විට ප්‍රදේශයේ නිවෙස්‌ ඇතුළතට ද සතුන් ආක්‍රමණය කර ඇත.

කොටවිල පදිංචි කේ. දිසානායක මහත්මිය මෙසේ පැවැසුවාය. කූඹින්ට වඩා තරමක්‌ විශාල මේ සතුන් මී වදයක්‌ ලෙසට පොදියට ගස්‌වල කූඩු හදනවා. පසුව ටිකෙන් ටික කූඩුව ලොකු කර ගන්නවා. සමහර ගස්‌වල ගෙඩියක්‌ හැදෙන්න දෙන්නේ නැහැ. මේ වනවිට පොල් ගහකට වත් නැගගන්න බැහැ. ගහපුරාම සත්තු.

රංජිත් හත්තොටුව මහතා, දැන් සතුන් ගෙවල් ඇතුළටත් ඇවිල්ලා. ඇඳුම් රාක්‌කවල, අල්මාරිවල, කුස්‌සියේ, නාන කාමරවල පවා සත්තු රිංගලා. සතුන්ගේ පුදුම විසක්‌ තිබෙනවා. සමහර ගස්‌වල තිබෙන එක කූඩුවේ සතුන් දස දහස්‌ ගණනක්‌ සිටිනවා. මේ විදියට ගියොත් නිවාස අතහැරලා යන්න වෙනවා. මගේ ජීවිතේ පළමු වතාවට මේ සත්ත්තු දැක්‌කේ පැවැසීය.

මේ වනවිටත් ප්‍රදේශවාසීන් එම සතුන් විනාශ කිරීමට යම් යම් මාර්ග ගෙන ඇතත් එය ව්‍යර්ථ වී ඇත. මේ පිළිබඳව අදාළ බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බව ප්‍රදේශවාසීන් ගේ අදහසයි.
 
Related Posts with Thumbnails