Ads 468x60px

.

ඔලුව පැලෙනකම් ගුටි කෑවත් මාලකයි රෙහානුයි ගැහුවේ නැතිලු - මේජර් කියයි

පොලිස්පතිම මාලක සිල්වා මේජර් වරයාට පහරදෙන අයුරු කැමරා 13ක සටහන්ව ඇති බව කියනවා... 

මාලක සිල්වා හා රෙහාන් මෙම නඩුවෙන් නිදොස්කරුවන් වන අතර අනෙක් පස්දෙනා ඇතැම්විට වරදකරුවන් වෙන්නට ඉඩ තිබේ

අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වාගෙන් හා රෙජාන් විජේරත්න යන ඇමති පුතුන් දෙදෙනාගෙන් පසුගියදා ඔලුව පැලෙනකම් ගුටිකා දින ගනනක් රෝහල්ගතව සිටි බුද්ධි අංශ මේජර්වරයා විසින් අමාත්‍ය මර්වින් සිල්වාගේ බලපෑම් හමුවේ සිය සටන අත්හැර දමා තිබෙනවා.

මෙතෙක් දවසක් රෝහල්ගතව සිටි ප්‍රදීප් සුසේන නම් එම යුධ හමුදා මේජර්වරයා අද දිවුරුම් පෙත්සමක් කොටුව අධිකරණය මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙන්නේ මාලක සිල්වා හා රෙහාන් විජේරත්න තමන්ට පහර නොදුන් බවයි.



ඊයේ මාධ්‍ය හමුවක් පැවැත්වූ පොලිස්පතිම මාලක සිල්වා මේජර් වරයාට පහරදෙන අයුරු කැමරා 13ක සටහන්ව ඇති බව පවසද්දී, මර්වින් සිල්වාගේ බලපෑම් හමුවේ ගස් බැඳීමට ලක්වූ සමෘද්ධි නිළධාරියා තමන්ම තමන් බැඳගත්තායැයි කියූ කතාවට මෙම කතාව නොදෙවෙනි වන්නේ මේජර් වරයා විසින් තමන්ටම ඔලුව පැලෙනකම් ගුටි ඇනගත්තා යැයි නොකිව් නිසාය.



මාලක පහර දුන්නේ නෑ, කේස් එක ෂේප් කරගමු – මේජර් අධිකරණයට කියයි


මාලක සිල්වා හා රෙජාන් 24 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකොට තිබෙන අතර පහරදීමට සම්බන්ධ අනෙක් පස්දෙනා ලබන පලවෙනිදා හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට තැබීමට නියමිතව තිබුණා.

මේ අනුව මාලක සිල්වා හා රෙහාන් මෙම නඩුවෙන් නිදොස්කරුවන් වන අතර අනෙක් පස්දෙනා ඇතැම්විට වරදකරුවන් වීමට පුළුවන.


 

මාලක සිල්වා හා රෙහාන් විජේරත්න යන ඇමති පුතුන් දෙදෙනා ඊයේ අධිකරණය බාරවීමත් සමඟ උසාවියට ඉදිරිපත් කරනු ලැබුවත්. එහිදී එක්ස්-රේ කොල කිහිපයක් ද සමඟ මර්වින් සිල්වා දුවගන උසාවියට පැමිණි අතර එම පාර්ශවයේ නීතීඥයන් විසින් උසාවියට කරුණු දැක්වූයේ මාලක හා රෙහාන් දැඩි රෝගාබාධ වලින් පෙලෙන බවයි.

"මාලක සිල්වා පිටකොන්දේ ආබාධයකින් පෙළෙනවා. එය ඉතාම භයානක රෝගී තත්ත්වයක් බව ස්නායු වෛද්‍ය පද්ම ගුණරත්න මහතා ප්‍රකාශ කර තිබෙනවා. ඉදිරියේදී ඔහුට ශල්‍යකර්මයක්ද කිරීමට නියමිතයි."

දෙවන සැකකරු වන රෙහාන් විජේරත්නගේ නීතීඥයා පැවසුවේ

"දෙවන සැකකරුත් හුස්ම ගැනීමේ බරපතල රෝගී තත්ත්වයකින් පෙළෙනවා. ඔහුට රෑට උපකරණයක් සවිකර නිදාගන්නා ලෙසට වෛද්‍ය උපදෙස් ලබාදී තිබෙනවා"

ඉන් පසුව ඔවුන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගතකල අතර ඊයේ දිනයේම මැගසින් බන්ධනාගාරයේ සිට බන්ධනාගාර රෝහට ඇතුලත් කර තිබුණා.

ජායික් හෝටලයේ 27 වන මහලේ 2705 කාමරයේ පදිංචිව සිටින නලීන් ෆොන්සේකාගේ කාමරයට ඇමති පුතුන් යාමට පෙර එහි සිටියේ කවුරුන්දැයි යන්නද නීතීඥයින් අධිකරනයේදී ප්‍රශ්න කර තිබෙනවා.

මාලකගේ පොලිසියට බාර වීම බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක හා මර්වින් සිල්වා විසින් කතා කර සාකච්ජා කරගන තිබෙන අතර අනතුරුව පොලිස්පති විසින් පැවැත්වු මාධ්‍ය සාකච්ජාවේදී ඔහු පැවසුවේ

"හරියටම 8.00 වෙද්දී එන්න කිව්වා. ආවේ නැත්නම් 8.30 වෙද්දී පැනලා අල්ලන්නයි හිටියේ" යනුවෙනි.

මේ අතර පැමිණිලිකාර මේජර් වරයා වටා අමුතුම ආකාරයේ කතාවක් ගොඩනැඟෙමින් පවතිනවා.

පොලීසිය පවසන ආකාරයට මේජර්වරයා අංක එකේ කෝටිපති කැසිනෝ හිමිකරුවකුගේ ශරීර ආරක්ෂකයෙක් ලෙස කටයුතු කරමින් සිට තිබෙන අතර කලින් දා රාත්‍රී ආහාර ගෙන ඇත්තේද ඔවුන් දෙදෙනා එකටය. එය වරදක් ලෙස පොලිස්පතිවරයා පෙන්වා දුන් අතර ඒ අනුව ඉදිරියේදී බුද්ධි අංශ මේජර් වරයා වරදකරුවෙක් වීමට නියමිතයි.

මාලක සිල්වා විසින් මේජර් වරයාට පහර දෙන අයුරු ජායික් හිල්ටන් හෝටලයේ කැමරා 17 ක සටහන් වී තිබෙන අතර පහරදීම සිදුවී තිබෙන්නේ එහි ලොබියේය. පහරදෙන අවස්ථාවේ කැමරාවන්හි සට
න්වූ ජායාරූපයක් පැහැදිළිව මේසයක් මත වූ පරිගනක තිරයක් ද සටහන් වී තිබෙනවා. එබැවින් එය රථගාල විය නොහැකිය.

නමුත් පොලීසිය පවසන්නේ මෙය හෝටලයේ රථගාලේ වූ පහරදීමක් බවයි. රථගාලේ කැමරා 13ක් තිබෙන බවත් එම කැමරා 13හිම මෙම පහරදීම සටහන්ව තිබෙන බවත් මේජර් වරයාගේ ගිනි අවිය පැහැරගන්නා අයුරු සටහන්ව තිබෙන බවත් පොලීසිය පවසනවා.

 
Related Posts with Thumbnails