Ads 468x60px

.

අද මර්වින් දෙවියන්ගේ කෝපයට ලක්වෙලා - දිගින් දිගටම කරදරවලට මුහුණ දෙමින් සිටිනවා...

මේ වෙද්දී ඇමතිවරයා අම්මා දෙවියන්ගේ කෝපයට ලක් වෙලා....

අපි ඉතා වගකීමෙන් කියනවා නැවත මෙම වසරේ බිලි පුජාව සිදු නොවන බවට...

මේ සේරටම මුල අම්මාන් දෙවියන්ට එරෙහි වීමයි...

හලාවත මුන්නේෂ්වරම් ශ‍්‍රී භද්‍රකාලී කෝවිලේ වාර්ෂික බලි පූජාව නැවැත්වීමට විශාල උත්සාහයක් ගත් ඇමති මර්වින් සිල්වා මහතා,  අද දෙවියන්ගේ කෝපයට ලක් වී දිගින් දිගටම කරදරවලට මුහුණ දෙමින් සිටින බව එම කෝවිලේ ප‍්‍රධාන පූජක කාලිමුත්තු ශිවපාක්‍ය සුන්දරම් පූජකවරයා පසනවා.

සිතෙන සිතෙන අවස්ථාවල බිලි පූජා පැවැත්වීමට දේවස්ථානය මස් මඩුවක් නොවන බවද ඔහු කියා සිටිනවා
.

'' මෙම බිලිපූජාව නැවැත්වීමට ඇමතිවරයෙකු

ප‍්‍රබල උත්සාහයක් ගත්තා. මේ වෙද්දී අම්මා දෙවියන්ගේ කෝපයට ඇමතිවරයා ලක් වෙලා. ඔහුට දිගින් දිගටම කරදර ඇවිත් තියෙනවා. ඒ ඇමතිවරයාගේ ඥාතියෙකුත් බරපතල ප‍්‍රශ්ණයකට මුහුණ දීලා. මේ සේරටම මුල අම්මාන් දෙවියන්ට එරෙහි වීම'' යයි පූජක ශිව පාදසුන්දරම් පවසනවා.
'' වසරකට එක් දිනය බිලි පූජාව තියන්නේ. ඒ අම්මන් දෙවියන් වෙනුවෙන්. එය කරන්නෙත් දින 10ක් පුරා වතාවත්වල නිරතවීමෙන් අනතුරුව අවසන් දිනයේදීයි. ඒ දිනය වැරදී ගියොත් නැවත එම වසරේදී බිලි පූජා පවත්වන්නේ නෑ. එය නැවත 16 වන දින හෝ ආසන්න දිනක නැවත පවත්වන බවට මාධ්‍ය මඟින් ප‍්‍රකාශ කර තිබුනාට අපි ඉතා වගකීමෙන් කියනවා නැවත මෙම වසරේ බිලි පුජාව සිදු නොවන බවට'' යනුවෙන්ද පූජකවරයා වැඩිදුරටත් පවසා සිටිනවා
.
 
Related Posts with Thumbnails