Ads 468x60px

.

මාලක සිල්වාට අද මේ ඉරණම අත්ව ඇත්තේ ඔහු ඇමති පුත‍්‍රයකු වීම නිසාලු...

අධිකරණයට හිස නමා තීන්දුව පිළිගන්නවා...

මාලක සිල්වාට අද මේ ඉරණම අත්ව ඇත්තේ ඔහු ඇමති පුත‍්‍රයකු වීම නිසා බව මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසනවා.

සිවිල් ඇදුමින් සිටි සාමාන්‍ය තරුණයින් දෙපිරිසක් අතර මෙවැනි ගැටුමක් ඇති වූයේනම්, මාධ්‍යයට එය කිසිදු වැදගත් කමක් ඇති සිද්ධියක් නොවන බවද ඔහු සදහන් කලා.

හමුදා මේජර්වරයෙකුට පහර දීමේ සිද්ධිය

සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින මර්වින් සිල්වා අමාත්‍යවරයාගේ පුත් මාලක සිල්වා සහ තවත් 06 දෙනකු ලබන 24 වැනිදා දක්වා අද රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුනා.

තම පුත‍්‍රයා රක්‍ෂිත බන්‍ධනාගාර ගත කිරීම සම්බන්ධයෙන් දැඩි  කණගාටුවක් ඇති වුවද අධිකරණයට හිස නමා එම තීන්දුව පිළිගන්නා බව ද අමාත්‍ය මර්වින් සිල්වා මහතා ප‍්‍රකාශ කලා.

ආණ්ඩුව තම පුතා බේරා ගැනීමට උත්සහ කරන බවට පැතිර තිබු කට කතාවලට කිසිදු පදනමක් නොමැති බව අධිකරණ තීන්දුවෙන් තහවුරුවූ බවද ඇමතිවරයා සදහන් කලා.

මේ අතර අදාල සිද්ධිය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා පොලිසිය අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුනා.

බස්නාහිර දිශාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති  අනුර සේනානායක මහතා එහිදී පැවසුවේ, මාලක සිල්වා මහතා අත්අඩංගුවට ගැනීම ප‍්‍රමාද වුයේ ඒ පිළිබඳ පූර්ව විමර්ශන ක‍්‍රියාත්මක වීම හේතුවෙන් බවයි.

මේ අතර සිද්ධියට සම්බන්ධ හමුදා මේජර්වරයා අදාල ස්ථානයට ගොස් ඇත්තේ ව්‍යාපාරිකයෙකුට ආරක්‍ෂාව ලබාදීමට යැයි සැකකෙරෙන බව ද අනුර සේනානායක මහතා මෙහිදී සඳහන් කලා.



මගෙන් පලිගන්න දරුවන්ගෙන් පලිගන්න එපා - ඇමැති මර්වින්

අද මම මුහුණ දී සිටින තත්ත්වය ගැන හිතලා මට හොඳ පණිවුඩයක්‌ රටට දෙන්න පුළුවන්. දෙමාපියෝ දේශපාලනඥයෝ වුණාට කමක්‌ නැහැ. දරුවන්ට වැඩිය ජනප්‍රිය වෙන්න දෙන්න එපා. ඉරිසියාවෙන් කුහකකමෙන් ඉන්න අය දෙමාපියන්ගෙන් පලිගන්න බැරි වුණාම දරුවන්ගෙන් හරි පලිගන්නවා. අද මම මුහුණ පා සිටින්නේ ඒ තත්ත්වයටයි. මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතා ප්‍රකාශයක්‌ කරමින් ඊයේ පැවැසීය.

මේ සිද්ධිය සාමාන්‍ය දරුවෙකු අතින් සිදු වුණානම් පොලිසියයි ඒ කරපු අයයි විතරයි ඒක දන්නේ. මම ඇමැති නිසා දරුවාට නැති ප්‍රසිද්ධියක්‌ දීලා රිමාන්ඩ් භාරයට පත් කළා. මම බුදු දහම දන්න නිසා දුක වේදනාව ආවට තුරුලට ගන්නේ නැහැ. ඉවතට දානවා.

මම බෙලිඅත්තේ ඉපදිලා ගම්බද ප්‍රදේශයකින් දේශපාලනයට ඇවිත් ඉන්නේ. ජනාධිපතිතුමා මගේ ඉතිහාසය හොඳට දන්න නිසා මට කැබිනට්‌ ඇමැතිකමක්‌ දුන්නා. මේවා ඉවසගන්න බැරි කුහක පුද්ගලයන් මේ රටේ ඉන්නවා. මාත් එක්‌ක ඉරිසියා ඇති මාධ්‍යයත් ඉන්නවා. ඔවුන්ට දැන් හොඳට නින්ද යයි. මොන දේ ආවත් මම ඇමැති ලෙස මිනිසුන්ගේ හදවතේ හැමදාම ඉන්නවා.

ඉරිසියාකරුවන්ගෙන් ඉල්ලනවා මගෙන් පලිගන්න දරුවන්ගෙන් පලිගන්න එපා. ඕනෑම අභියෝගයක්‌ හමුවේ නොසැලී සිටීමේ ශක්‌තියක්‌ මට තියෙනවා.
 
Related Posts with Thumbnails