Ads 468x60px

.

පොලිසියට කට්ටි පනිමින් සිටි රුවන්වැල්ලේ සෝභිත වැන්දඹුවක් කෙළෙසා බන්ධනාගාරයට...

සිවුර දරා සිටි සෝභිත උසාවියට පැමිණ සිටියේ කලිකමකින් හා කමිසයකින් සැරසිලා...

මෙතෙක් කල් නීතියෙන් පලාගොස් සිටි රුවන්වැල්ලේ සෝභිත රැකියාවක් දෙන බව කියා තරුණ වැන්දඹුවක කෙළෙසීම නිසා රිමාන්ඩ් කරන ලෙස කෑගල්ල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මෙනෙවිය ඊයේ නියෝග කළා.

එම තරුණියගේ නැන්දා වන හෝඩිය බණ්ඩාරලාගේ අනෝමා සහ මාමා වන ඉහළ හේවගේ හේමචන්ද්‍ර ද ඊට අනුබල දීමේ චෝදනාව  මත  රිමාන්ඩ් බාරයට පත්කරනු ලැබිය.

2005 ජූලි 16 වැනි දින බුලත්කොහුපිටියේ බංගලාවේදී මෙම කාන්තාව

කෙළෙසා ඇත.සෝභිත යනු පුවත්පතේ දැන්වීම් පළකර යන්ත්‍රමන්ත්‍ර ගරුකම් කරන්නෙකු බව පොලිසිය අධිකරණයට දැන්වීය.

යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරන බවට ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ පුළුල් ප්‍රචාරණයක නිරත වෙමින් සිටි රුවන්වැල්ලේ සෝභිත හිමි,  සිවුරු හැර සුනිල් ශාන්ත ලෙස ගිහි ජීවිතයට ඇතුළුව කටයුතු කළේය.

සිවුර දරා සිටි සෝභිත උසාවියට පැමිණ සිටියේ කලිකමකින් හා කමිසයකින් සැරසිය.


රුවන්වැල්ලේ සෝභිත නමින් ප්‍රසිද්ධව සිටි අන්කොක්කාවල සුනිල් නමැති වංචනික පුද්ගලයා සිදුකල නොයෙකුත් දුෂණ හෙළි වීමත් සමග සෝභිත වෙද මැදුර ප්‍රදේශවාසින් විසින් වැටලු අතර අන්කොක්කාවල සුනිල් එම ප්‍රදේශයෙන් පැන ගියේ සිය සියලු වත්කම්ද ඇත හැර දමමිනි.

නමුත් පසුව ඔහු නීතිඥයෙකු මගින් දන්වා සිටියේ චිවරය හැරීමට තමා එකඟ බවයි.ඒ අනුව රුවන්වැල්ලේ සෝභිත චිවරය අතහැර සුනිල් ශාන්ත ලෙස පෙනී සිටිය අතර ඔහු නැවතත් සිය පුරුදු වංචනික ක්‍රියා සුපුරුදු ස්ථානයේම කළේය. එයට සුපුරුදු පරිදි මාධ්‍යය අනුග්‍රහය ලබාදීමට ප්‍රමුඛතාවය ගෙන කටයුතු කලේ ස්වර්ණවාහිනී මාධ්‍යය ආයතනයයි.

අංක එකේ පල්හොරෙක් වූ අංකොක්කාවල සුනිල් චීවරයක් පොරවාගෙන භික්ෂුවේශයෙන් සෝභිත වෙද හාමුදුරුවෝ නමින් පෙනී සිටියේ එය ඔහුගේ වංචා වලට මනා පිටුවහලක් වන බැවිනි.රුවන්වැල්ලේ සෝභිත හිමිගේ සැබෑ තත්වය මුළු රටටම අනාවරණය වුයේ පසුගිය කාලයේ විකාශය කල නෙත් එෆ්.එම් බැලුම්ගල වැඩසටහන හරහාය.

දාඹුර හේවගේ සුනිල් ශාන්තනමින් අන්කොක්කාවල ගමෙන් හොරකම දුෂණය පටන් ගත් හැටි හා "කවියා" නමින් පෙනී සිට කවි මඩුවක් සංවිධානය කොට එයින් මුදල් ගරා, ගමෙන් පැනවිත් සිවුර පොරවාගැනීමේ සොභිතගේ ඉතිහාසයද අප විසින් හෙළිදරව් කරන ලදී.


මෙතෙක් කල් නීතියෙන් පලාගොස් සිටි සෝභිත හට ඊයේ (16) දිනයේ නිතිය හමුවේ දණ ගැසීමට සිදුවුයේ ඔහු විසින් රැකියා දෙන බව පොරොන්දු වෙමින් 2005 ජූලි 16 වැනි දින බුලත්කොහුපිටියේ බංගලාවේදී වැන්දඹුවක් දුෂණය කිරීම හේතුවෙනි.එකල සෝභිත චිවරය දැරූ හිමිනමකි.

කෑගල්ල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මෙනෙවිය විසින් සෝභිත රිමාන්ඩ් කරන ලෙස නියෝග කල අතර එම වැන්දඹුව දුෂණය කිරීම සඳහා සෝභිතට සහය වූ ඉහළ හේවගේ හේමචන්ද්‍ර සහ හෝඩිය බණ්ඩාරලාගේ අනෝමා යන තරුණියගේ මාමාද හා නැන්දා ද රිමාන්ඩ් කොට ඇත.

මෙයට පෙර කහසිවුරෙන් තමාගේ දුෂණ වංචා වසාගෙන සිටියත්
සෝභිත පසුගියදා උසාවියට එනවිට ඔහුට එයත් අහිමිව සාමන්‍යය පරිදි පැමිණීමට සිදුව තිබුනේ නෙත් එෆ්.එම් බැලුම්ගල ඔස්සේ සිදු කරන ලද හෙලිදරව්කිරීමෙන් අනතුරුව ඔහුට චීවරයෙන් ඉවත් වීමට සිදුවූ නිසාය.
 
Related Posts with Thumbnails